28. 사랑 🌻

645 189 90
                                    

" ඔයාට මම කියලා තියනවා මිනිස්සු ගෙවල් අස්සට දා ගන්න කලින් දෙපාරක් හිතන්න කියලා ජිමින් " ටේහිය්‍යුන් කිව්වා.

හරියටම දවස් තුනක්...
ජන්ග්කුක් ජිමින්ව බලන්න ආවේ නැහැ...

ජිමින් ටේහිය්‍යුන්ව තරහා ගස්සන්න බය නිසාත් එයා බනියි කියලා හිතපු නිසාත් වචනයක්වත් ජන්ග්කුක් ගැන අහන්න උත්සාහ කරේ නැ.

ඒත් එයාගේ ඔලුවෙ විටින් විට වැඩ කරේ ඒ දේ ගැන.

" ටේහිය්‍යුන් ..... " නම්ජුන් කතා කරා... එයා හිටියේ ජිමින් ලගින්ම ඉදගෙන.

ගෙදර සෝෆාවේ පුළුං බෝලයක් වගේ ලොකු ඇදුමකට ගුලිවෙලා ඉදගෙන ටේහිය්‍යුන් දිහා හොරෙන් හොරෙන් බලන ගමන් තමයි ජිමින් හිටියේ . වෙච්ච දේ එයාට හොදටම මතකයි. එයා ජන්ග්කුක් ගැන තරහක් හිතුවෙ නැ. තමන්ගෙ හදවත දුර්වල එකට ඒ අහිංසකයා මොනවා කරන්නද කියලයි එයා කල්පනා කරා. ඒත් එයාගේ ටේටේ නම් මේ දවස් ටිකේම ඉන්නේ චුට්ට ඇත්තම් මුණ චොරොස් කරගන්න බලාගෙන කියලා ජිමින් දන්නවා . ඉතින් ජන්ග්කුක් ගැන අහලා කරදර කරන්න එයාට හිතුනේ නැහැ. ටේව අවුස්සගෙන නම් තමන්ගේ හිතේ තියෙන මෙලෝ දෙයක් කරගන්න බැ කියලා ජිමින් දන්නවා .

ජිමින් කීප වතාවක්ම ජන්ග්කුක්ව සම්බන්ධ කර ගන්න උත්සාහ කරා උනත් එයා අසාර්ථක උනා. ටේහිය්‍යුන් ඒ බවක් දැනගෙන හිටියේ නැහැ. නැත්නම් බැනුම් අහගන්නයි වෙන්නේ කොට ජිමිනට. ඒත් ජිමින්ට පාලුයි එයාගේ හා පැටියා නැතිව.

ටේහිය්‍යුන් වැරදි නැහැ......

ටේහිය්‍යුන් හැමදාම හිතන්නෙ ජිමින් ගැන. ජන්ග්කුක් කරපු වැඩෙන් ජිමින් ඔයිට වඩා අවධානමකට පත් වෙන්න ඉඩ තිබ්බා . බැරි වෙලාවත් එහෙම උනානම් ටේහිය්‍යුන් කවදාවත් තමන්ටම සමාව දී ගන්න එකක් නැහැ.

ඉතින් ඒ නිසාමයි ටේහිය්‍යුන්ට චුට්ටක් කේන්ති. නැතුව එයා නපුරු කොල්ලෙක් නෙවෙයි. මොකද එයාට මේ වෙලාවෙ වැදගත් ජිමින්ව.

" ටේහිය්‍යුන් ........" නම්ජුන් ටේහිය්‍යුන්ගේ අවධානය තමන් දිහාට නැවත යොමු කර ගත්තා. මේ දවස් තුනේම ටේහිය්‍යුන්ගේ පෙරැත්ත කිරිම හින්දා නම්ජුන්ට ජිමින්ව පරීක්ෂා කරන්න එන්න උනා. නම්ජුන් ⁣කිව්වම දැන් බය වෙන්න දෙයක් නැ කියලා ඒ පාරත් ටේහිය්‍යුන් නම්ජුන්ගෙ ඇගට ගොඩ උනේ වෙන වෛද්‍යවරයෙක්ව චැනල් කරනවා කියලා නම්ජුන්ට තර්ජනය කරන ගමන්...

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now