54. රහස 🌻

601 140 44
                                    

වයස අවුරුදු නමයක පුංචි ජිමින් හිටියේ තමන්ගෙ කාමරේ ඇද උඩ ඉදගෙන බූල් කොට්ටයක් තමන්ට තුරුළු කරගෙන.

අදුරු සෙවනැලි හා අදුරු මතක සියල්ලම එයා වටා කැරකෙමින් තිබුණා. අයන් මෑන් මේස් එක ජිමින්ගෙ අතැගිලි අතර හිරවෙලා තිබුනෙ එයා දිගටම එක්කෙනෙක් ගැන විතරක් කල්පනා කරනවා වගේ පේන්න තියෙන එක තවදුරටත් පැහැදිලි කරන්න වගේ.

බබා හොදින් ඇති ද ඒ හා ඇස් මතක් වෙන හැම තප්පරේම එයා හිතුවා. බබා රතු පාට ලේ ගොඩාක් මැද වැටිලා හිටපු හැටි මතක් උනාම ජිමින්ට හිතුනෙ එයාට හුස්ම ගන්න බැරි වෙයි කියලා .

ජිමින්ගෙ කාමරේ බැල්කනියේ දින කිහිපයකට වරක් අමුතු ආකාරයේ හොල්මන් පේන එක ජිමින් වැඩිය ගනන් ගත්තෙ නැහැ. ඒකට හේතුව උනේ එයා කොහොමත් හරි ඉක්මනින් පුංචි දේවල් වලට බය වෙන හින්දා. එයා තව තවත් පොරෝනයට ගුලි උනා....

.
.
.
.
.
.

මිනීමරුවා හිටියේ ජිමින්ගෙ කාමරයේ බැල්කනියේ.....

දවස් කිහිපයක් තිස්සෙ එයා ජිමින් ඉස්සරහට යන්න හිත හදාගන්න වෙහෙසුනා. ජිමින් හුරතල් හුරුබුහුටි පෙනුමැති බෝලයක් වගේ බය වෙච්ච ඇස් වලින් සහා දුකින් තනියම කල්පනා කරන එක මිනීමරුවට මතක් කලේ තමන්ගෙම පුංචි දවස්... ජිමින් හරියට එයා වගේමයි. තනිවෙලා.... දුකින්.....

ඒත් ජිමින් තමන් කවුද කියලා ඇස් දෙකටම දැක්කා. තමන්ගෙ වියරුව තමන්ගේ නේදනාව සහා ක්‍රෝධය ජිමින් දැක්කා....

මිනීමරුවා ලොකු හුස්මක් ගත්තා.....
" හොදයි මේ අන්තිමම සහා පලවෙනි වතාව..... ඔයා හැමදාම දුකින්ම ඉන්න පොඩි බබෝ.... මේ ලෝකේ කවුරුත් ඔයාට ආදරේ නැහැ... " එයා මිමිනුවා.

එයා ඇදගෙන හිටපු රතුපාට ජැකට්ටුවට උඩින් කළු පැහැති ⁣කැප් එක පැලදගත්ත එයා දවස් ගානකට පස්සෙ ජිමින් ඉස්සරහට ආවා....
.
.
.
.
.
.
.

අර මිනිමැරුම් සිද්ධිය දැකලා හරියටම මාසෙකට පස්සෙ දවසක රාත්‍රි මැදියමේ හදිසියේ ජිමින්ගෙ කාමරෙන් ඇහුනේ යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් ....

" එයා ආවා... රතු පාට... රතු පාට... අප්පා ............. මාව බේරගන්න. එයා මාව මරනවා කිව්වා......"

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now