" ආයිශ් .................. තමුසෙලා මොන පොල් බූරුවොද ඉන්ස්පැක්ටර් " හේසෝක් හිටියේ මාරාවේශ වෙලා වගේ. එයාට පුළුවන් නම් තිබුණු කේන්තියට එයා මේ දැන් අදාල ඉන්ස්පැක්ටර් වරයාගේ මේසය උස්සලා පොලේ ගහනවා.
" සමාවෙන්න ..... සමාවෙන්න සර්.... අපිට ඇත්තටම බලයක් නැ ..... තවදුරටත් පැමිණිලි කරන්න බෑ කියලා .... මගින් නැගිටලා ගිය කෙනෙක්ව.... බලෙන් තියා ගන්න සර්.... සමාවෙන්න " ඉන්ස්පැක්ටර් වරයා තම පැහැදිලි කිරීම සිදු කරන්න උත්සාහ කරා.
" ආයිශ්......... " හේසොක් තමන්ගෙ නලලත තදින් ග්‍රහණය කර ගන්න ගමන් මදකට පැත්තක උනා.
" සමාවෙන්න මිස්ටර් .... මම ඩිටෙක්ටිව් ඩීනා විලියම්සන්. මගේ රාජකාරි හැදුනුම්පත මෙන්න. මට පුළුවන් ද දැනට ඔයා ලග තියන තොරතුරු ටික ගන්න. ආපු කෙනාගේ පෙනුම ඉදන් එයා කියපු හැමදේම ..... "
" ඒත්.... මැඩම්...... "
" ප්ලීස්...... මේක අපේ පරීක්ෂණයේ නම ගෑවිලා තියනවා ඉන්ස්පැක්ටර් . අපට ඔබතුමාගේ සහයෝගය අවශ්‍යයි කරුණාකරලා ........ " ඩීනා අයැදුවා......
.
.
.
.
.
." මනුස්සයා තරබාරු පෙනුමයි. තිබුණේ ගොඩාක් දිග මුහුදු ගමන් වල යෙදෙන හාදයෙක්ගෙ පෙනුම. නිතර සිගරට් බොන නිසා තොල් අධික කළු පාටක් අරන් තිබුණා. මිනිහගේ එක ඇහැක සුද වැහිලා... මොකක් හරි අවුලක් තිබුණා. අමුතු ...... දරාගන්න බැරි සැර ගදකුත් එක්ක..... පල් වෙච්ච මත්පැන් වගේ..... "
" හොදයි ඊට පස්සෙ " ඩීනා ඇහුවා... තරමක් සාමාන්‍ය අතකට හැරුනු ඩිටෙක්ටිව් ජන්ග් හේසොක් පැත්තක තිබුණු කුඩා පුටුවකට බර වෙලා හිටියා ..
" හරියටම අද දවාලේ 12.45 ට විතර මනුස්සයා මං ඉස්සරහාට දුවගෙන ආවා. ඇහැක් ලග පිළිස්සුම් තුවාල කීපයක් තිබ්බා . හරියට.... හරියට කවුරු හරි සිගරට් එකකින් පුච්චලා දාලා වගේ....
" මම කන්දොන් යන් මින්.... මට පැමිණිල්ලක් කරන්න තියනවා . අනේ සර් මාව බේරගන්න ... අර මිනිමරුවා මාව පන්නනවා. අර දාම ඝාතකයා මාව මරනවා කිව්වා...... "
මිනිහා කෑ ගැහුවා. මම ඉක්මනින් එයාව එක තැනක ඉන්දවලා වතුර වීදුරුවක් බොන්න දුන්නා. මනුස්සයා හිටියේ තරමක බීමතින් නිසා කට උත්තරයක් ගන්න එක කරනවද නැද්ද කියලා මගෙ හිතේ දෙගිඩියාවක් තිබුනා උනත් මනුස්සයා මරන බයෙන් ගැහෙන්න වගේ ගත්ත නිසා මම තීරණෙ කරා කියන මොනවම හරි ලියාගන්න වගේම කරන්න පුළුවන් දෙයක් කරන්න.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...