බෝලයක් වගේ උඩ ඉදලා පහලටම පොරවගෙන වගේ අත් දෙකයි කකුල් දෙකයි දිග කහපාට නයිට් සූට් එකකින් වහගෙන හිටපු ජිමින් ටේහිය්‍යුන්ගේ අත්දෙක මැද්දට පැන්නා. ( කෝකටත් කියලා වහගන්න ඇති සෙහ්) එයාලා විනාඩි පහකට කිට්ටුවේ සෑහෙන වෙලාවක් බදාගෙන හිටියා . චෙරි බ්ලොසම් ගහ යට. තවම මැකුනෙ නැති ජන්ග්කුක්ගේ බයික් රෝද සලකුණු උඩ.
මේ මුකුත්ම ගැන හාන්කවිසියක්වත් දන්නෙ නැති බබ්ලී තාම සෝපාවේ දොයි. ගෙදර අලුත් අමුත්තෝ ඉන්නවා කියලා ටේහිය්‍යුන් දන්නෙත් නැ.
" අයි මිස් යු සෝ මච් ටේ ටේ........" ජිමින් කෙදිරුවා... ටේහිය්‍යුන් හිනාවෙලා ලොකු හාද්දක් ජිමින්ගෙ මුණ පුරාවටම තැවරුවා. දිග කාලෙකට පස්සෙ ......
ජිමින් ඉතින් චුට්ටක් රතු උනා. මොනවා උනත් ෆර්ස්ට් ලව් එකනේ. ටේහිය්‍යුන් ගොඩාක් උස ගිහින්. මසල්ස් ඇවිත්. කොණ්ඩේ මුණම වහගෙන. හරි සාමාන්‍ය රිලැක්ස් ඒත් මැචුව පෙනුමයි. ජිමින්ට වඩා අවුරුදු දෙකක් බාල උනාට මොකෝ එයා ලොකු පාටයි. ජන්ග්කුක්ටත් වඩා ලොකු පාටයි .
" ඒත් ඔයා ෆර්ෆියුම් එක වෙනස් කරලා මිනී....." ටේහිය්‍යුන් එහෙම අහනකොට ජිමින් ඇස් උඩ තියාගත්තා...
" ආහ්... නැහැ.... මම ෆර්ෆියුම් නාන්නෙ ඔකේෂන් එකකට විතරයි . ඇරත් මට මොන ඔකේෂන් ද . මම ඉතින් ගෙදරටයි... වැඩටයි... වැඩටයි... ගෙදරටයි.... " ජිමින් කම්මුල් පුම්බගෙන කිව්වා.
ටේහ්‍යුන් හිනා උනා.....
අර ලස්සන හිනාවෙන්....ජිමින් ටේහ්‍යුන්ගෙ බණ්ඩිය මැද්දෙන් හිර කරගෙන චුට්ටක්වත් එයාගෙන් ඈත් නොවි ගේ ඇතුලටම එනකම් හැමදේම හොදටම හොදින් තිබ්බා . හැබැයි හරියටම ගෙදරට ඇතුළු වෙන තැන ......
බබිලි කන් දෙක උස්සගෙන එයාට දාන්න පුළුවන් නපුරුම බැල්ම දාන ගමන් ජිමින්ව තුරුළු කරන් ඉන්න ටේහිය්‍යුන් දිහාට උගුර යටින් ගෙරව්වා....
බබ්ලිගෙ පෙනුම හොදටම නරකයි.
ජිමින් කවදාවත් දැකලා තිබ්බේ නැති එයාගේ උල් දත් එයා ටේහිය්‍යුන්ට පෙන්නුවා....." අහුවුනොත් හපනවා " බබ්ලී අනතුරු ඇගෙව්වා......
බබ්ලී කිව්වෙ මෙච්චරයි.....
ČTEŠ
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfikce𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...