50. The Protrait 🌻

495 148 46
                                    

" මම එයාව දන්නවා ජිමිනි.... එයාව මම කලින් හම්බවෙලා තියනවා ..... " ජන්ග්කුක් කිව්වා.....

" ම්ම්ම්..... එදා ලිෆ්ට් එකේදි.... කන්ජුන්ගේ ...... " ජිමින් මතක් කරා.

" ඕ.....ව්...... මට ඒක අමාරුයි ..... ඒත් මේ අහන්න හනීබන්..... මං කැමති නැ එයා එක්ක ඔයා ඉන්නවට... ඒක .... ඒක .... ඔයා එයා එක්ක සේෆ් නෑ. ඔයාට එයාව ඉග්නෝ කරන්න බැරිනම් මම ඒක කරන්නම්.... බබා ප්ලීස්...... එයා අමුතුයි ..... මම එයාට කැමති නැ " ජන්ග්කුක් කිව්වා එයාගේ මුණ චුට්ටක් නරක් වෙලා තිබ්බා උනත් ජිමින්ගෙ හාදුවලින් හැඩ උනාම හැමදේම හොද අතට හැරුනා.

" ජිමි.....නී......"

" හරි හරී......... " ජිමින් ජන්ග්කුක්ගේ පපුව මත දිගැදෙමින් හිනා උනා..... " ඔයා හරි ඉරිසියා කාරයෙක් ජන්ග්කුකී......" ජිමින් මිමිණුවා .

" ඉරිසියාව නෙවේ.... ඒ මිනිහට මම කැමති නෑ.... ඔයාට එච්චර එයාව ක්‍රශ් නම් මේ පාර මාත් එනවා ඔයා එක්ක. මට පුළුවන් ඒ ස්මෙල් එකට පුරුදු වෙන්න..... " ජන්ග්කුක්ගේ කට උල් කරගෙන කියෙව්වා.....

" ඌව්..... මගේ ජන්ග්කුකී හරි හුරතල් පාටයි........" ජිමින් හයියෙන් හිනාවෙන ගමන් ජන්ග්කුක්ගේ පපුව හපන්න පටන් ගත්තා......

ජන්ග්කුක් ජිමින්ව තදින් තුරුළු කර ගත්තා. ජිමින් තමන්ට නොකියන යම් දෙයක් තියන නමුත් එයා ඒක නොඅහා ඉන්න තීරණය කරා. ජිමින් ඒක කියනකම්ම ඉවසන්න එයා තීරණය කරා.

🌻.......................................................................🌻

සතියකටත් පස්සෙ ජිමින් හිටියේ හොදින් නෙවෙයි. ඒකට හේතුව එයාගේ ඔලුව ඇතුලේ වද දුන්න කාරණය. එයා ඉන්නේ ඩීනා සහා හේසොක් පරීක්ෂකවරුඑක්ක. ජිමින් හේසොක්ව විශ්වාස නොකරත් එයා ඩීනාව විශ්වාස කරන බව පේන්න තිබුණා.

ජිමින්ගෙ ඇගිලි තුඩු පුපුරු ගහන තරම් වේව්ලනවා. එයා ඉස්සරහා ඉදගෙන ඉන්න චිත්‍ර ශිල්පියා නිම කරන පුද්ගල සිතුවම දිහා ජිමින් බලන් හිටියේ තමන්ගෙන් ඉවත් වෙලා වෙනතක යන සිහිය තමන් ගාව රදවගන්න උවමනාවෙන්.

' අද නම් බොන්න ඕනේ '

ජිමින්ගෙ හිත අයාලේ යනවා. එයාට දැන් ඕනේ මෙතනින් නැගිටලා යන්න. එයාගේ කකුල් වෙව්ලන එක පාලනය කරගන්න එයාට බෑ. ඩීනා දැක්කා ජිමින්ගෙ අසාමාන්‍ය හැකියාව. එයා හේසොක් දිහා බැලුවේ හේසොක් මූණ මොකක්ද එකක් කරගෙන ජිමින් දිහා බලන් ඉන්න හැටි දැක්ක නිසා. ඩීනා කට කොනකින් හිනා උනේ හේසොක් පවා ජිමින් වගේ නොඉවසිල්ලෙන් පසුවෙනවා උනත් ඒක නොපෙන්වා ඉන්න එයා ගන්න අසීරූ උත්සාහය නිසා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now