22. A little space 🌻

666 181 96
                                    

" ඔයා සල්ලි කාරයනේ ඒ හින්දා මට දැම්ම මේ දැල් එක ගෙනත් දෙන්න. මේ කොලිටි එකෙන්ම හරිද  " ජිමින් නෝට් පෑඩ් එකට එබිගෙන කිව්වා. හොදයි ඒකට බර ගානක් යනවා.

" මෙතන ... මෙතන ජොන්.....අපිට ඇතුලට යන්න එකකුත් හදන්න ඕන"

" මෙක මෙච්චර ලොකු වැඩි නැද්ද බෙබී " ජන්ග්කුක් ඇහුවා.

" නැහැ..... එයා දවල්ට ඒකෙ ඉදි රෑට එයාව ඇතුලට ගමු. එයා රෑට නිදනවනේ...  දවල්ට එයා මෙතන සේෆ් . පැන පැන යන්නත් ඉඩ තියනවා . " ජිමින් කිව්වා... එයා හිටියේ ඉන්ටනෙට් එකේ ⁣⁣සමහර පින්තූර පරීක්ෂා කරන ගමන්.

" බෙබී ආ යු ශුවර් " ජන්ග්කුක් කටින් අමුතු සද්දයක් දාන ගමන් ඇහුවේ ජිමින් එයාගේ ගෙවත්තෙ පීච් ගහ යටින් ලොකු පොන්ඩ් එකක් එක්ක ⁣මේගස්ට දැල් වලින් වට කරලා තව චුට්ටන් වහලෙකුත් එක්ක හෙවන තැනක් හදන්න ජන්ග්කුක්ට බල කරපු නිසා. එයා ගොඩාක් ඒ ගැන උනන්දු වෙන බවක් පෙනුනා...

ජන්ග්කුක් මේගස්ව ගෙදර තියන් ඉද්දි නම් ගෙවත්තෙ වැඩ කරනකොට එයාව එලියෙන් තියනවා . කකුල ඩැමෙජ් හින්දා මේගස් කොහොමත් සුපුරුදු ගෙබි ජීවිතෙට යන්න හිතුවෙ නැ කියලා ජන්ග්කුක් දන්නවා . ඒත් ඒ දේටත් වඩා මේගස් ජන්ග්කුක්ගේ හියුමන් ටච් එකට පුරුදු වෙලා හිටියේ . එයා ජන්ග්කුක් නොපෙනෙද්දි කලබල වෙන්නෙ ඒකයි. ගොඩාක් විට ජිමිනිගේ ගෙදර ඉද්දිත් කොල්ලා බෝතලෙන් එලියට පනින්න ඇත්තෙත් ඒකයි.

බබ්ලී හුරතල් නැට්ට වන වනා දැන් ගොඩ වෙලාවක ඉදන් ජන්ග්කුක්ගේ අවධානෙ පැහැර ගන්න උත්සාහ කරනවා. මොකද දෙන්නම මේගස්ගේ ගෙදර ස්ට්‍රක්චර් එක අදිනවායි බඩු ගේන්න හොයනවයිනේ.

කොහෙද මේ කොට කොල්ලා සම්පුර්ණයෙන්ම ජන්ග්කුක්ව අයිති කරගෙන වගේ... බබ්ලී මොනා නමුත් පිට අය එක්ක ඉක්මනට එකතු වෙන්නැ. එයා සැරයි. හපන්න පුළුවන් . ඒත් ජිමින්ගෙ අඩන මුණනෙ එයා ඉස්සරවෙලාම දැක්කෙ. අනික එයා මේගස්ටත් ආදරෙයි පාටයි. බබ්ලීට උනත් එයා නපුරු උනේ නැහැනේ. ඒත් මේකනම් ඕනවට වැඩී වගේ....

බබ්ලී කෙදිරි තිබ්බා... ජන්ග්කුක් කෙසේ වෙතත් ජිමින් නම් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා බබ්ලි ලගට ආවා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Opowieści tętniące życiem. Odkryj je teraz