10. අඩි සළකුණු 🌻

657 180 102
                                    

ජන්ග් හේසොක් පරීක්ෂකතුමා හිටියේ චුට්ටක් විතර කේන්තියෙන් කිව්වොත් හරි. මොකද මිස් ඩීනා අපරාධ ඒකකයට එද්දි හොදටම ප්‍රමාදයි. ප්‍රමාදය කියන දේ හේසෝකිට පේන්න බෑ. එයාට කාලය කියන්නෙ හරිම වටින දෙයක් . ඒ නිසා එයා හිටියේ මූණ පුප්පගෙන...

" ඩියෙක්ටිව් ජන්ග්, ඔයාට පුළුවන් ද මට මොනවහරි කන්න දෙයක් ගන්න නවත්තන්න." මිස් ඩීනා කිව්වෙ කාර් එකේ ශීට් එකට හොද හේත්තුවක් දාගෙන කකුලකුත් careless විදිහට උඩට කරලා තියාගෙන. එයා ඇදගෙන හිටියේ බාච්චුවක් වගේ කිසි කමකට නැති ලොකු ඇදුමක් . ඇස් තාම නිදිබරයි. එයාගේ අතේ නිල් පාටට ලග පරණ ෆයිල් එකක් දිගෑරිලා තිබ්බා. එයා හිටියේ යමක් කියවමින්...

හේසෝකි විමසුම්ශීලි බැල්මක් ඩීනා දිහාට පා කරා...

" ඔයා මේච්චර වෙලා මොනවද කරේ ඩිටෙක්ටිව් විලියම්ස්. ඔයා හොදටම පරක්කු වෙලා විතරක් නැතිව දැන් කියන්නෙ උදේට කාලාත් නැ කියලද "

" කමෝන් ඩිටෙක්ටිව්..... im soo tired ... මම ඔයා දුන්න ෆයිල්ස් ඔක්කොම චෙක් කරා. නිදාගත්තෙ හොදටම රෑ වෙලා. මම ලෑස්ති වෙලා ඔයා අපාට්මන්ට් එකට එනකම් බලන් හිටියා. ඒත් ඔයා මාව ගන්න ආවෙ නැහැ."

" මම කවද්ද ඔයාව ගන්න එන්න පොරොන්දු උනේ ඩිටෙක්ටිව් විලියම්ස්.... " හේසොක් ඇහුවෙ ඇස් ලොකු කරගෙන. ඩීනා එයාගෙ බකුසු හිනාව හේසෝක්ට දැම්මා. ඇස් ලොකු වෙපා වෙලා එයාගේ තරමක් චබී කම්මුල් උදෑසන සීතලට රතු උනා...

" ඩීනා කියන්න ඩිරෙක්ටිව්... ඒක ලේසි නැද්ද " ඩීනා කල්පනාවෙ ඇහුවා උනත් එයාගේ අර හිනාවනම් එහෙම්ම තිබුනා." ආහ් .....මම හිතුවෙ ඔයා මගේ රෙස්පොන්සිබිලිටි එක ගත්තා කියලා ඩිටෙක්ටිව් ජන්ග්...එතකොට මම වැරදි වගේ.... "

හේසෝකි ඩීනාට රැව්වා. ' මේ කෙල්ල නම්....'

" මම ඊයේ රෑ පුරාම මේ ඔක්කොම බැලුවා කරා. මම ඔයාට දුන්න චිප් එක ඔයා චෙක් කරන්න ඇතිනේ. "

" ඔව් " හේසෝකි යන්තමට ඔලුව හොල්ලන ගමන් කිව්වෙ හරිම කුතුහලයෙන් . කොහොම මොනා උනත් හේසෝකි වැඩට බැස්සම ආය නවත්තනවා බොරු.

" මිස් ඩීනා, ඔයාලා හොයන්නෙ ඔයාලගෙ සිටිසන් කෙනෙක්ගෙ මිනීමැරුමක් ගැන. ඒ වගේම එයාගේ මර්ඩර් එක වෙලා තියෙන්නෙ කොලරාඩෝ වල... අනික ඒක වෙලා දැන් අවුරුදු නමය දහයකට කිට්ටුයි... ඒත් විසදිලා නැ... ඒක හරි කියමුකෝ "

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now