46. රාමෙයොන් 🌻

623 162 44
                                    

ඔක්තෝම්බර් සීතල වැස්ස සහා හුලං වැඩි තත්ත්වය නිසා මුහුදු ගමන් වලට දැඩි බලපෑමක් සිද්ධ වෙලා තිබුනොත් ඉතින් මසුන් මරන්නෝ බොහෝ දෙනෙකු මේ දිනවල තමන්ගේ වැඩ කටයුතු වැඩකටයුතු අඩාල වීම නිසා රැඳී සිටියේ තමන්ගේ නිවෙස් වල පවුලේ හිතවතුන් සමග.

ධීවර ගම්මාන කිහිපයක් පුරාවටම මෙම වැඩකටයුතු ඇනහිටීම නිසා යම් යම් ආර්ථික ගැටලු පැන නැගිලා තිබුණා. මත්ස්‍ය වෙළෙඳ පොළේ තත්වෙ වුණෙත් ඒකමයි. කොරියානු රජය සහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිගින් දිගටම මුහුදු ගමන් කටයුතු නොකරන ලෙස ජනතාවට දැනුම් දීම නිසාම ධීවර ජනතාවට මුහුදු ගමන් නොයා සිටීම හැර වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.

සාමාන්‍ය දවස් දෙක තුනක නිවාඩුවකට පස්සේ ඔක්තෝම්බර් මාසෙ පටන් ගන්න කලින් දවස් වෙනකොට හාත්පස වැහි අඳුර නැතිවෙලා ගිහිල්ලා කාලගුණය යහපත් අතට හැරුණා. Galnam ධීවර ගම්මානයේ සුපුරුදු පරිදි ධීවර කටයුතු අරඹන්න ධීවරය සියලු දෙනාම පාහේ සූදානම් වුණා.

Galnam ධීවර ගම්මානයේ ප්‍රධානී වෙනදා පුරුදු විදිහටම සැප්තැම්බර් මාසේ 29 වෙනිදා උදේ වරුවෙ තමන්ගේ ප්‍රදේශයේ අදාල මුහුදු තීරය ගවේෂණයේ යෙදෙන පිටත් වුණා . හැබැයි එදා ඔහුට මාළු වෙනුවට හම්බුනේ දැලක පැටලිලා තිබුණු කුණු වුණු මළ සිරුරක්.

මළ සිරුරේ කිහිප තැනක්ම කපා කොටා තිබුණු අතර දවස් කිහිපයකට කලින් සිදු සිදුවුනු මරණයක් නිසා තරමක ඉදිමුණු ස්වභාවයක් ගත්තා. වයස අවුරුදු පණස් ගණන් වල අග හරියේ පෙනුමක් තිබුණු මළ සිරුරේ හිමිකාරයා ඉතා සැකකටයුතු ලෙස ඝාතනය කොට තිබුණු බවට පෙනෙන්නට තිබුණා .

සැප්තැම්බර් මස 29 වෙනිදා
රාත්‍රී පුවත් විකාශය

"  නැවතත් අමානුශීය මනුශ්‍ය ගාතනයක්..... දාම ඝාතන රැල්ල ඉදිරියටත්....... "

ජිමින් හිටියේ ලොකුම ලොකු බ්ලැන්කට් එකකට ගුලිවෙලා jungkook එනකං එනකන් බලාගෙන. මේ දවස් කිහිපය ම කිහිපයම සෝල් නගරයම පුදුම තරම් ශීතලකින් යුක්ත වුණා . අවුරුද්දේ මේ කාලේ සැප්තැම්බර් මාසය වෙන කවුරු දුර මෙච්චර සීතල වෙලා තිබුණේ නැහැ. jungkook වැඩි වැඩියෙන් කාර්යබහුල වෙන එකත් එක්ක එයා ගෙදර එන්න වෙලාව එනකම් jimin දැන් පුරුද්දට වගේ බ්ලැන්කට් එකක් අස්සට ගුලි වෙලා බලන් ඉන්නවා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now