60. You give me the wings to fly 🌻

730 146 179
                                    

ඩීනා විවාහ ගිවිසගත්තා කියලා හේසොක්ට ආරංචි උනා...... ඒක එයාට ඇත්තටම කොච්චර දුරට දැනෙන කාරණාවක් උනාද කියන එකේ ගැටලුවක් තියනවා උනත්, ඩීනාගේ විවාහය සම්බන්ධයෙන් හේසොක්ගෙ ⁣තිබුණේ උදාසීන ප්‍රතිචාරයක්....

විවාහය සදහා ආරාධනා ලැබුනත් හේසොක්ට ඒකට සහභාගී වෙන්න නොලැබුනෙ එයා පුරුදු විදිහට ආයෙම තවත් නොවිසදුනු අපරාධයක් පස්සෙ පන්නන්න පටන් අරගෙන තිබුණ නිසා... එයාගේ ජීවිතේ නම් හරිම බෝරින්......

ඩීනා හිටියේ හොදටෝම හිතෙ නොමනාපෙන්. හේසොක් කියන්නෙ එයාට ගොඩාක් වැදගත් කෙනෙක්. ඒ වෙලත් තමන්ගෙ විවාහය දවසේ එයා තමන්ගෙ එහා පැත්තෙන් ඉන්නෙ නැති එකට එයා හේසොක් එක්ක රණ්ඩු කර ගත්තා.

" ඒක ලොකු වෙඩින් එකක් නෙවෙයි.... " ඩීනා චෝදනා කරා. " ඔයාට එන්න තිබ්බා"

" ඒක තමයි මමත් කියන්නේ ඩාර්ලින්.... විවාහයට සුබ පැතුම් ... දැන්වත් රාජකාරි වෙලාවේ ඩ්‍රීන්ක්ස් ගන්න එක නවත්තන්න... " හේසොක් කිව්වේ ඩීනා හයියෙන් හිනාවෙන කොට..... පස්සෙ එයාලා අතර නිහඩතාවයක් පැතිරුනා....

" මම කවදාවත් හිතුවේ නැහැ ඔයා දැන්ම මැරි කරන එක ගැන හිතයි කියලා " හේසොක් අන්තිමේ කිව්වා.

" මම හිතුවෙත් නැහැ . ඒත් .... ඒක එහෙම උනා " ඩිනා කිව්වා.

" දැන් ඒ දේ වෙලා කොච්චර කල්ද " හේසොක් දිග හුස්මක් ගත්තා. " ඔයා ජිමින්ට කියන්නෙ නැද්ද "

" කොහෙත්ම නැහැ.... එයාට මාව දැක්කම ඒ දේවල් ආයෙම මතක් වෙන්න ගනිවී.... ආහ්.....මම හරිනම් එයාට ඒක කියන්න ඕනේ...ඒත්....තවමත් ඒකට මේ හරිම කාලේ නෙවෙයි.... " ඩීනා කිව්වා... ආයෙත් එයාලා අතර පැතිරුනෙ නිශ්ශබ්දතාවය....
" දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගතවෙලා හෝප්..... " ඩීනා සුසුමක් හෙලුවා...

ආයේම නිශ්ශබ්දතාවයක් පැතිරුනා...

" .......අයි ස්ටීල් මිස්ඩ් යූ සෝ....... මච්.... හෝප්..... " ඩීනා හෘදයාංගම ක⁣ටහඩකින් කිව්වා

" මටත්....... " හේසොක් කිව්වේ ඩිනාගේ පැරණි හැසිරීම මතක් කර ගන්න ගමන්....
ඩීනාගෙ මුඩු හිස. ලොකු ඇදුම්. නොඉවසිලිමත් ඇස් සහා හිතුවක්කාරයා තීන්දු තීරණ.....

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now