24. Because you need me 🌻

750 183 116
                                    

ජන්ග්කුක් ඉස්සරහා තිබුනෙ අදහගන්න බැරි තරම් පුදුම අවුල් සහගත දර්ශණයක්. පත්තර පිටු ගනන් අලවපු බිත්තියක්. එක පැත්තක තිබුණේ මිනිස් රූපයකට තරම් උස ඩමියක්. පලමු දර්ශණයම ජන්ග්කුක්ගේ සිතිවිලි ව්‍යාකුල කරා.

" වට් ද...... " පැත්තක තිබ්බ ඩමිය ජන්ග්කුක්ව තිගැස්සුවා. වෙලාවෙ හැටියටනම් ඒක හරියට ඇත්ත මනුස්සයෙක් වගේ. ඩමියේ ස්ථාන කිහිපයක නිල් පාටට හුරු අදුරු වර්නයකන් ලකුණු කරලා තිබ්බා.

බෙල්ල ලග කන ලග කම්මුල ලග රතු පාටින්. ජන්ග්කුක් තිත් ගනන දිගේ තමන්ගෙ ඇස් යැව්වා.

" ආයිශ්......... මේ මොන මගුලක්ද .... මනුස්සයෙක් වගේ තැන් තැන් වල පාට කරලා.... යාහ්...... "

ජන්ග්කුක් ඩමියෙන් ඈත් වෙලා පත්තර පිටු අලවපු බිත්තිය ලගට ලන් උනා. පැත්තකින් තිබුනෙ මිනිස්සු කිහිප දෙනෙක්ගෙ පැහැදිලි පින්තූර කිහිපයක්. හැම පින්තුරයක් යටින්ම දින වකවානු කිහිපයක් සටහන් කරලා තිබුණා. කාමරේ ලා අන්ධකාරයකට ජන්ග්කුක්ගේ ඇස් හුරු වෙන්න හුරු වෙන්න එයා තවත් දේ දැක්කා. බිත්තියේ අලවලා තිබුණේ පත්තරේක සදහන් වෙලා තිබුණ නිව්ස් කිහිපයක්.

" තවත් ඝාතනයක්....... " ජන්ග්කුක් කියෙව්වා. පුවත් පත අයත් වුනේ 2017 වර්ශයට. ජන්ග්කුක් ඊලග පුවත් පතේ පුවතටත් අවධානය යොමු කරා.

" උල්සාන් අභිරහස ...... දාම ඝාතන රැල්ලෙ නවතම ගොදුර හමුවේ " පුවත් පත අයිති උනේ 2012 වර්ශයට.

ජන්ග්කුක් හොද හුස්මක් ගත්තේ එයාගේ හිසෙන් බර ගතියක් දැනෙන්න පටන් ගත්ත නිසා. බිත්ති පුවරුවෙන් මෑත් වෙලා ජන්ග්කුක් ඊළගට ගියේ පැත්තකින් ගොඩ ගහලා තිබ්බ විවිධ වර්ගයේ යකඩ හා දැව උපකරණය වලට. හැම උපකරණයක්ම වගේ මිටියක ප්‍රමාණයේ විවිධ කාර්යයන් සදහා භාවිතා කරන ඒවා උනා. ජන්ග්කුක් හිටියේ අන්දමන්ද වෙලා. ජිමින්ගෙ ගේ ඇතුලෙන් අමුතු විදිහෙ උපකරණ තොගයක් මලමිනි වගේ ඩමියක්. ඒ අස්සේ මිනිමැරුම් ගැන තියන පත්තර තොගේකුත්.

ජන්ග්කුක්ගෙ උගුර හිර උනා . එයා එතනම බිත්තියට බර දුන්නා.

" ජිමින් මේ මොනවද.... මේ මොනවද මම දකිනේ . මේ රූම් එකම මහා අමුතුයි. මේ මොනවද .... " ජන්ග්කුක් තමන්ටම මුමුණ ගත්තා. අමාරුවෙන් හිත එක තැනකට අරගෙන ජන්ග්කුක් අර අමුතු උපකරණය තියලා තිබුණු තැනම ටේබල් ලෑම්ප් එක දැල්ලුවා.... මේසේ උඩ තියුණු ආයුද කිහිපයක් තිබුණා. පෑන් පැන්සල් තොගයක් ගොඩ ගහපු පොත් කිහිපයක් පුංචි හැඩැති වීදුරු පෙට්ටියක් සහා දිනපොතක්.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now