59. දෛවය 🌻

443 144 100
                                    

කිම් ටේහිය්‍යුන් හිටියේ බුසාන් වල ගිම්හේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ....

එයාට හරිම ආරංචිය එනකොට එයා හිටියේ තමන්ගෙ සංචාරයේ අන්තිම දවස් වල නේපාලයෙ ලුක්ලා නුවරට බොහොම ලගින්. ඒ එවරස්ට් කදු මුදුනට ලගම එක් ගම්මානයක්...

හරිම අහම්බෙන් වගේ ටේහිය්‍යුන් ලුක්ලාවට යන අතරමග එයා වගේම සංචාරකයෙකු උන විදේශිකයෙක් මුණ ගැහීමත්, ටේහිය්‍යුන් කොරියන් ජාතිකයෙකු බව දැන ගත්තම ඊට දින හතරකට කලින් කොරියාවෙන් වාර්තා උන හද කම්පා කරවන ප්‍රවෘත්තියේ තමන් දන්න කෙනෙක් ගැන විස්තර තියන බව දැකගන්න ලැබීමත් එක්ක ටේහිය්‍යුන් ඉක්මනින් කොරියාව බලා යන්න තීරණය කරා......

ටේහිය්‍යුන් ගිම්හේ ගුවන්තොටුපලින් එලියට බැස්සේ දැවටමත් ජිමින් ප්‍රතිකාර ලබන රෝහලට යන්න... තමන්ගෙ බැක්ස් පැක් එකත් එහෙම්ම උස්සගෙන එයා රෝහලට කඩා වැදුනෙ සම්පුර්ණයෙන්ම එතන පිස්සුවක් කරලා.

නම්ජුන් ඒ වෙනකොට හිටියේ එතන...  ටේහිය්‍යුන්ගේ හොදටම වැවුණු කොණ්ඩෙත් දැලි රැවුලත් පරිනත පෙනුමත් එක්ක ⁣එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුමකින් සැරසුනු එයාගෙ මල්ලිව දැක්කම නම්ජුන් ⁣හුස්මක් පහතට හෙළුවා....

" හියොන්ග් " නම්ජුන්ව තදින් වැලදගත්ත ටේහිය්‍යුන් කිව්වා.

" මොනවද මේ වෙන්නේ... ආ....ජිමිනී .... කියන්න. මගේ ජිමිනී එයා හොදින් නේද " ටේහිය්‍යුන් ඇහුවා....

" ම්හ්..... මුලින්ම ඔයා කලබල කරන්නෙපා ටේහිය්‍යුන් .... ජිමින් .... තවම.... තවම එයාට සිහිය ඇවිත් නැහැ.මම කියන්නෙ එයාට සිහිය එනවා. ඒත් ආයේම ෆේන්ට් වෙනවා. සිහියෙන් ඉන්න වෙලාවට කාමරේ මුල්ලක හැංගිලා තනියම කියවනවා....  ඒක සිරියස් සිටුවේෂන් එකක්.... " නම්ජුන් සුසුමක් හෙලුවා. " යුන්ගි දිගටම එයා ලග ඉන්නවා ..... " නම්ජුන් කිව්වා.

" එතකොට ..... එතකොට මොකක්ද හරියටම උනේ... මේ මිනිස්සු කියන කතා මොනවද.... මේ නිව්ස් වල තියෙන්නේ මොනවද " ටේහිය්‍යුන් ඇහුවා. එයා හිටියේ හොදටම නර්වස් වෙලා. " මට මිනීව බලන්න ඕනේ ..... හියොන්ග් "

" එයා කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ... එයා කිසිම කෙනෙක්ගේ මූණ බැලුවෙ නැහැ වගේම කරදර කරන්න දගලන්න ගියෙත් නෑ. කිසිම දෙයක් අහන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. අඩුම.... වෙච්ච දේ මොකක්ද කියලාවත් එයා ප්‍රශ්න කරෙ නැ. " නම්ජුන් හිටියේ කණගාටුවෙන්. " එයා මුකුත්ම කන්නෙ නැහැ. ඒ හින්දා අපට සිද්ධ උනා පි⁣ටින් ⁣විටමින්ස් දෙන්න "

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now