29. දවස් 🌻

736 180 167
                                    

පාර්ක් ජිමින් කලබලයෙන් නිවසේ සාලයේ ඉදන් හරියටම බබ්ලී නිදාගෙන ඉන්න තැනට වෙනකම් ඇවිදින්න පටන් ගත්තා. එයාගේ අත් වලින් දහඩිය ගලනවා. ටේහිය්‍යුන් හිටියේ මුළුතැන්ගේ. ජන්ග්කුක් ගෙදර එනවා කියන ආරංචිය එයාට ලැබුනෙ දැන් පුංචි වෙලාවකට කලින්. ඒ වෙලා්වෙ ⁣ඉදන් ජිමින් සම්පුර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් බවට පත්වෙලා.

එයාගේ කදුළු වේලීලා ගිහින්.
එයා මුණ පවා හොදට හෝදගෙන අලුත් ඇදුමකුත් ඇදගෙන හිටියේ.
එයා ලගින් වහනය උනේ ටේහිය්‍යුන් එයාට ගෙනාව ලැවෙන්ඩර් සුවද ෆර්ෆියුම් එක.
එයා චුට්ටක් දුක් උනානම් එහෙම කරේ අයිබ්‍රෝ එක චුට්ටක් වැවිලා වැඩි එක ගැන විතරයි . හැබැයි ඒ නිසාම එයාට තරමක මැචුවර් පෙනුමක් ඇවිත් තිබුණා.

නොඉවසිල්ල ......

එයාව එහෙම් පිටින්ම පාලනයෙන් ඉවත් කරලා. තමන්ගෙ දිග හුඩියත් කොට කලිසමත් අත් වලින් තද කරන ගමන් ජිමින් වි⁣ටින් විට එයා තමන්ගෙ තොල් තදින් හපන්න පටන් අරන් තිබුනා.

" ඔයා අද මේගස්ට කන්න දුන්නද " මුළුතැන්ගෙට යන කොරිඩෝව අස්සෙන් එබුනු ටේහිය්‍යුන් හදිසියේ ඇහුවා. ඒත් ඒක ජිමින්ට ඇහුනෙ නැහැ.

" මිනී......... " ටේහිය්‍යුන් කතා කරා." මිනී ...... ඔයා මොන ලෝකෙද ඉන්නේ "

" ආහ්........." කටත් බාගෙට ඇරගෙන ඇස් ලොකු කරන් ජිමින් ඉන්න තැනම නැවතිලා ටේහිය්‍යුන් දිහා බැලුවා. ටේහිය්‍යුන් මේ දැන් මොකක් හරි කිව්වද..එයා කල්පනා කරා.ඒත් කිසිම දෙයක් එයාගේ ඔලුවට ආවේ නැහැ.

" හ්ම්..... මේගස්ට අද කෑම දුන්නද " ටේහිය්‍යුන් තත්ත්වය වටහගෙන වගේ ආයේම ඇහුවා.

" ආහ් නැ දෙයියනෙ නැහැනේ......අනේ ටේ ..... ම⁣ට අමතක උනා " ජිමින් තමන්ගෙ නහය ඇගිලි තුඩු අගින් තද කර ගන්න ගමන් කිව්වෙ පසුතැවීමට පත්වෙන සුළු කටහඩකින්. ටේහිය්‍යුන් එයාගේ ආඩම්බර නමුත් ආදරණීය පුංචි හිනාව ජිමින්ට පා කරා .

" ඉට්ස් ඕකේ මිනී . අද ඔයාවත් තවම කාලා නැහැ.... " ටේහිය්‍යුන් ජිමින්ට මතක් කරා. ජිමින් ⁣වැරැද්දක් කරලා අහුවෙච්ච පොඩි බඩ්ඩක් වගේ හිනා උනා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Место, где живут истории. Откройте их для себя