ජිමින් හිටියේ ජන්ග්කුක්ගේ ඔඩොක්කුවේ ඉදගෙන එයාගේ එක අතක් ජන්ග්කුක්ගේ බෙල්ල වටේ පටලවගෙන කතන්දර පොතට එබිලා. එයාගෙ අතේ පුංචි හුරතල් හිම වලහා ගුලිවෙලා හිටියා . බබ්ලි පැත්තකින් ඉදගෙන බෙල්ල තියාගෙන ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා . වෙන කිසිම සද්ද බද්දයක් නැහැ. එහෙන් මෙහෙන් හවස් යාමේට අඩන කුරුළු නාදයක් ඇරුනහම.ජිමින් වීදුරු මේසේ යටින් එලියට ආවේ ටික ටික . ජන්ග්කුක්ට ඒකට පොත් එකහමාරක් කියවලා ඉවර කරන්න උනා. " මායාකාරයෝ " පොතට පස්සේ එයාට තව පොතක් ගේන්න නැගිටින්න උනා. ඒකේ මගක් කියවලා පින්තූර පෙන්නන්න ඕන උනාම ජිමින් චුට්ටක් ඇදීලා ජන්ග්කුක් ලගට ආවා. එයා හිම වලහා තුරුළු කරන් ජන්ග්කුක් ඉස්සරහා ඉද ගත්තා. ඊට පස්සෙ පිටු පෙරලෙන්න පෙරලෙන්න ජිමින් ජන්ග්කුක්ගේ කලව හරියට අත තියන තරමට ජන්ග්කුක්ට ලං උනා. ඊට පස්සෙ පොතේ අන්තිම හරිය වෙනකොට ජිමින් ජන්කුක්ගේ උකුළ උඩට නැග ගත්තා. ඒත් ඒ කිසිම වෙලාවක ජිමින් කතාකරේ හිනාවුනෙ නැහැ. ඇස් ජිල් බෝල කරගෙන මුණ පුම්බගෙන හිටියා විතරයි . හැබැයි එයා තමන්ගෙ සම්පුර්ණ අවධානය ජන්ග්කුක්ගේ කතන්දරේට දුන්න බව පෙනුනා.
ජන්ග්කුක් දෙවනි පොත කියවලා ඉවරවෙනකොටම වගේ ජිමින් නිදි කිරා වැටෙන්න පටන් ගත්තා. ජන්ග්කුක් පොත වහලා දාන ගමන් ජිමින්ව තුරුළු කරගෙන හීනියට ගීයක් මිමිණුවා. එයා හිතුවා මේ වෙලාවේ ඒක ජිමින්ට සහනයක් වෙයි කියලා ......
" You Are My Sunshine, my only sunshine
You make me happy ......when skies are gray
You'll never know dear, how much I love you
Please don't take my sunshine away..... "ජන්ග්කුක්ගේ කටහඩ ජිමින්ව නලවද්දි ජන්ග්කුක්ගේ ඇස් අගින් වැටුණු කදුලක් ජිමින්ගෙ කම්මුල් තෙත් කරා. එයා චුට්ටක් මුණ ඇබුල් කරලා ආයෙම ජන්ග්කුක්ට තුරුළු උනා. ජන්ග්කුක් තමන්ගෙ නිරුවත් පපුවට කම්මුල තද කරගෙන නිදන් ඉන්න ජිමින්ගේ නලලට හාදුවක් තියන ගමන් එයාව උස්සගෙන කාමරේට අරන් ගියා. සුවපහසුවට ජිමින්ව ඇදෙන් තියලා ඩුවට් එක පොරවලා කිසිම නරක දෙයක් උනේ නැහැ වගේ ජිමින් දොයියගෙන ඉන්න හැටි බලාගෙන චුට්ටක් වෙලා හිටපු එයා ටවල් එක ගලවලා දාලා කලින් දවස් ටිකේ ගෙනල්ලා තිබ්බ ශෝට් එකක් ඇදගෙන සාලෙට ගියා. සෝෆාව ලග බිම වැටුණු පෝච්චිය සුද්ද කරලා දාලා සවුන්ඩ් අඩු කරලා ඔහෙ ප්ලේ වෙච්ච ටිවි එක ඔෆ් කරලා දැම්මා. එතකොටම වගේ නම්ජුන්ගෙ කාර් එක ජිමින්ගෙ ගෙවත්තට ඇතුළු උනා. චෙරි බ්ලොසම් ගහ යටින් ඇවිදගෙන නම්ජුන් ජිමින්ගෙ ගෙදරට ගොඩ වෙන කොට ජන්ග්කුක් ඉක්මනින් නම්ජුන් ඉස්සරහට ගියා.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...