වටේටම ඇවිදලා ආපු හැම අමුත්තෙක් එක්ක වගේම වචනයක් හරි කතා කරපු කන්ජුන් ඊලගට කරේ කිව්වා වගේම ජිමින්ව දිග කතාවකට ඇදලා ගන්න එක.
ඉතින් එයාලා ගොඩාක් දේ කතා කරා. පොත් ගැන..... සමහර පෞද්ගලික දෙවල්. ජිමින්ගෙ වයස කන්ජුන්ව පුදුම කරා.
" ගෝඩ් ඔයා එයිට වඩා පොඩි පාටයි " කන්ජුන් හිනාවෙලා කිව්වා
ඒ වගේ කතාවකට වෙනදවසකනම් ජිමින් එල්ලිගෙන යනවා උනත් කන්ජුන් ඉස්සරහා නම් එයා රෝස පාටට හිනා උනා...
ජිමින් කොහොමත් හිටියේ සම්පුර්ණයෙන්ම වෙන ලෝකේක.......
එයාගේ කැමතිම කතුවරයා, එයාගේ healing feeling එක, එයා ඉස්සරහා දිලිසි දිලිසි ඉන්නකොට වෙන ඉතින් තව මොනවද
ජිමින්, සියෝ කන්ජුන්ගේ හැම ඉරියව්වම හැම වචනෙම හැම අංගචලනයකටම එයාගේ පූර්ණ අවධානය දුන්නා...
' කන්ජුන් උසයි.... කෙට්ටුයි.... හියුන් බින් හියොන්ග් ලග ඉද්දි නම් කන්ජුන් ටිකක් මිටිද මන්දා. නම්ජුන්ට වඩා කන්ජුන් උසයි....' කන්ජුන් හැම විදිහෙන්ම වැදගත්. අමුත්තෙක්ට අතට අත දෙන ගමන් ආයෙම ජිමින්ගෙ පැත්තට හැරිලා හරියටම නවත්තපු තැනින්ම එයා කතාව පටන් ගත්තා. ජිමින්ට කිසිම අවස්ථාවක එයාව දුරස්ථව දැනුනෙ නැහැ. ඒක නම්ජුන්ටනම් ගෙනාවෙ අස්වැසිලක්. මොකද ජිමින් ලේසියෙන් කෙනෙක්ට ලන් වෙන්නෙ නැහැ.
" ජිමින්... එතකොට ඔයා මගේ සොම්බි බෝයි කතාවට එච්චර කැමතියි ඇයි " කන්ජුන් ජිමින්ගෙ දම්පාට කොණ්ඩේ දිහා බලන ගමන් ඇහුවා....
' අවුරුදු 25ක කොල්ලෙක්ට මෙහෙම කියුට් වෙන්න පුළුවන් ද " කන්ජුන් කල්පනා කරා.
සමහර තැන්වල ජිමින් උස් හඩින් හිනා වෙනවා. කන්ජුන් ජිමින්ගෙ දම්පාට කොණ්ඩේ එහෙට මෙහෙට අවුස්සනවා..
ජිමින් හිටියේ සතුටින්.....
නම්ජුන් ජින් එක්ක කතාවක් දාගෙන නෝක්කාඩු කතා කිය කිය හිටියා...
හියුන් බින් කොහොමත් නිශ්ශබ්ද කෙනානෙ... ජින් , නම්ජුන් එක්ක ඇවිලෙන හැටි බලාගෙන එයා යන්තමට හිනා උනා.
BINABASA MO ANG
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...