35. අතීතය 🌻

579 166 93
                                    

" ආහ්.... කන්ජුන් ...... "

පශු වෛද්‍ය හියුන් බින් හිටියේ තමන්ගෙ පෞද්ගලික සත්ව සායන මධ්‍යස්ථානයේ . වැඩිය සෙනග නැති වෙලාවක් උනත් මේ වෙලාවේ තමන්ගේ මිත්‍රයා වෙච්ච සියෝ කන්ජුන්ගේ පැමිණීම හියුන් බින්ව පුදුමයට පත් කරලා තිබුණා . ඒකට හේතුව එයා කන්ජුන් තව දුරටත් කොරියාවේ ඉන්නවා කියලා දැනගෙන හිටපු නැති එක. කන්ජුන් මෙච්චර කාලෙකට වැඩි දවසක් කොරියාවේ මේ ගත කරනවමද කියලා හියුන් බින් තමන්ගෙන්ම ප්‍රශ්න කරේ ඒකටත් මොකක් හරි වැදගත් වාසිදායක ව්‍යාපාරික හේතුවක් කන්ජුන්ට තියෙන්න ඇති කරලා ගෙස් කරන ගමන්.

" කන්ජුන්... ඉතින් උඹ කවද්ද ආවේ. මම ඇත්තටම හිතුවේ උඹ ආයේ ලේසියකට ඇමරිකාවේන් නොඒවී කියලා . " හියුන් බින් සිනාමුසු මුහුණින් කන්ජුන් දිහා බලාගෙන කිව්වෙ කන්ජුන්ගේ අතේ ගුලිවෙලා ඉන්න කළුපාට තරමක් මහළු පෙනුමැති පූස් පැටවා දිහාට තමන්ගේ අවධානය යොමු කරන ගමන් .

" මම ඇත්තටම මේ වෙලාවේ එන්න නෙමෙයි හිටියේ. මට ඇමරිකා යන්න කලින් තව ෆෑන් මීටින් දෙක තුනක් ගන්න තියෙනවා . අපේ ලේඛම්තුමාගේ වැඩ හින්දා මට ප්‍රයි මිනිස්ටර් එක්ක ඩිනර් එකකට නොගිහින් බැරි උනා. ඒ දේ එක්ක වැඩ සේරම පස්සට ගියා හියුන් බින්.... "
කන්ජුන් අසල පුටුවෙන් වාඩි ගත්තේ දිග කතාවකට මුල පුරන්න වගේ.

" ඒත් මට මේ ගමන නම් නෑවිදින්ම බැරි වුණා . " කන්ජුන් සිනා මුසු මුහුණින් පිලිතුරු දුන්නා.

තමන්ගෙ අතේ හිටපු සෑහෙන අසනීප පාට ගත්ත වයසක පූසාව හියුන් බින්⁣ ගේ අතට දෙන ගමන් කන්ජුන් වට පිට බැලුවේ සත්ව සායන මධ්‍යස්ථානය අවුරුදු ගානකට කලින් දැකපු විදිහට එතැනම එහෙමම කෙස් ගහක වෙනසක් නැතිව තියෙන හැටි දැකලා.

" ඒත් උඹ බොඩිගාඩ්ලා නැතිවද මේ ආවේ. කවුරුත් එලියෙ පේන්නවත් නැහැ. " හියුන් බින් කවුළුවෙන් එපිට නවත්තලා තියෙන සුඛෝපභෝගි rolls royce කාර් රථයට ඇස් යොමාගෙන කිව්වා.

" ම්හ් නැහැ. උඹ දන්නවනේ මම සමහර වෙලාවට තනියම ගමන් බිමන් යන්න කැමති බව " කන්ජුන් කිව්වා. හියුන් බින් යන්තම් සිනහවකින් ඊට පිළිතුරු දුන්නා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now