6. Uniform 🌻

664 187 56
                                    

ටේහිය්‍යුන් ....... කිම් ටේහිය්‍යුන් ..... එයා හිනාවෙනකොට කොච්චර ලස්සනයිද. ඒත් අද කතාබහේ කිසිම තැනකදි ටේහිය්‍යුන් හිනා උනේ නැහැ. එයාට දුකයි. එයා ටේහිය්‍යුන්ට ආදරේයි... එයා නොදන්න කාලෙන් ගත්තොත් ජීවත් වෙලා හිටපු අවුරුදු ගානෙන් වැඩිම හරියක් එයා එක දිගට කඩා කප්පල් කර ගන්නැතිව කරපු එකම දේ ටේහිය්‍යුන්ට කැමති වෙලා ඉන්න එක...

" ඔයා කවද්ද ආය එන්නේ ටේ ? " ජිමින් නිශ්ශබ්දතාවය ප්‍රිය කරපු තරමටම ටේහිය්‍යුන් නිශ්ශබ්දව ඉන්න එකට වෛර කරා.

" දන්නෑ......" ටේහිය්‍යුන් කිව්වේ හුස්ම ගන්න ගමන් ජිමින් දිහා ලොකුවට බලන්නැතිව.

" ඒත් ඔයා කොරියා ඇවිත් ... අන්තිමට දැන් අවුරුදු දෙක තුනක් වෙන්න එනවා " ජිමින් නොඉවසිල්ලෙන් කිව්වා. එයාට ටේහිය්‍යුන්ගේ හැම ඉරියව්වම වගේ මතකයි. ගිම්හාන නිවාඩුවේ සෝල් වල දවස් ලස්සන උනේ ටේහිය්‍යුන් නිසා. ඒත් දැනට අවුරුදු දෙකකට වඩා වැඩියි ඒ මතකයන් වලට...

" ටේ.... "

" මට හිතපු හිතපු ගමන් කොරියා එන්න මම සල්ලි මවනවා කියලා ඔයා හිතුවද.. මට තාම රස්සාවක් වත් නැ හරියට " ටේහිය්‍යුන් කිව්යෙ නපුරු කතාවක් නොවුනට ඒකට ජිමින් ආයෙම එයාගෙ හිත රිද්ද ගත්තා. ටේහිය්‍යුන් බාස්කට්බෝල් ප්ලෙයර් කෙනෙක්. නිකම්ම ප්ලෙයර් කෙනෙක් නෙවෙයි. එයා චැම්පියන් කෙනෙක්.... එයා තවම එයාගෙ මාස්ටර් ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා නැතුව අවුරුද්දක් තිස්සේ එක පස්සට දාන්නෙ ඇත්තටම එයාට ඉගෙන ගන්නවට වඩා බාස්කට්බෝල් වලට ආදරේ කරපු නිසා..... ඒත් එයා දන්නවා එයාට තනියම යැපෙන්න නම් තව රස්සාවක් කරන්න වෙනවා කියලා ....... එයාගෙ ඔම්මත්, අප්පත් ඕනවට වඩා එයා ගැන දැනටමත් බලලා තියෙන්නේ . හරි අරමුණක් නැතිව ජීවත් වෙන එකත් අමාරුයි ටේහ්‍යුන් .......

' ටේහිය්‍යුන් තාම මං එක්ක තරහින්...' ජිමින්ට හිතුනා. එයා උත්තරයක් නොදීම පැත්තක් බලාගෙන තමන්ව පාලනය කරගන්න උත්සාහ කරා..... තවත් නිශ්ශබ්දතාවයක්.....

" සොරි මිනී...... " ටේහිය්‍යුන් කිව්වෙ ලොකු හුස්මක් පල්ලෙහට දාන ගමන්....

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Wo Geschichten leben. Entdecke jetzt