36. අඳුර 🌻

582 159 72
                                    

" ගුකී.......... "

ජිමින් ජන්ග්කුක්ට තමන් අතට ඩීනා තියපු කුඩා වතුර බෝතලෙන් වතුර ටිකක් පෙව්වා. ජන්ග්කුක් හිටියේ හරි සිහියක නෙවෙයි. ඒත් එයා දිගටම ඉතා තදින් ජිමින්ට තුරුළු වුනා.

" එයාට දැන් කොහොමද " ඩීනා ඇහුවේ පසුතැවිලි වෙන සුළු කටහඩකින්.

ජිමින් අමාරු හිනාවක් මූණට එකතු කර ගත්තා.

" ඒත් ⁣ඔයාලා මෙතන මොකද කරන්නේ ? " හේසොක් ඇහුවේ ජිමින්වත් ජන්ග්කුක්වත් හොදින් නිරීක්ෂණය කරන ගමන්. ' මේ කොල්ලව මම කොහෙන් හරි දැකලා තියනවා ' හේසොක් කල්පනා කරේ රතු ගැහිලා ඉන්න ජිමින්ගෙ මූණේ ඉරියව් හොදින් නිරීක්ෂණය කරන ගමන්.

" සමාවෙන්න මම ඔයාව මීට කලින් මුණ ගැහිලා තියනවා . එහෙම නේද. මම ඩිටෙක්ටිව් ජන්ග් හේසොක් . එතකොට ... ඔයා...." හේසොක්ගේ විමසුම්ශීලි බැල්ම වගේම හෙසොක්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ජිමින් නම් යන්තමටවත් කැමති උනේ නැහැ.... ජිමින් පවා හේසොක් දැක්ක මොහොතේ ඉදලම එයාව ⁣මතක තියෙන එක ගැන ලොකුවට වද උනා. එයාට ඩීනාව හොදට මතකයි. එදා බුක් ලෝන්ජ් එක නිසා. එතකොට හේසොක්... එයත් එදා එතන හිටියා . ඒත්...... නැහැ . හේසොක් ඊට කලින් දැකලා තියන බවකට මතකයක් ජිමින්ගෙ ඔලුවෙ තියනවා .

" ආහ්... ජි..මින්... පාර්ක් ජිමින්...." ජිමින්  කිව්වා.

"  හෝප්.... මේ ලමයව නැගිට්ටවන්න බලන්න. ඕක පස්සෙ අහන්න පුළුවන් " ඩීනා බුම්මාගත් ස්වරුප⁣යකින් හේසොක්ගේ කනට මිමිණුවා.

" ගුකී .....  ඔයාට කොහොමද දැන්. අපිට නැගිටින්න පුළුවන් ද ? " ජිමින් ආදරේ පුරවගෙන ජන්ග්කුක්ගේ නලල මැද හාදුවක් තිබ්⁣බේ ජන්ග්කුක් තව තවත් ජිමින්ට තුරුළු වෙන කොට. එයාට අනික් හැමදේම අමතක වෙලා මේ වෙලාවේ එයා දැක්කේ ජන්ග්කුක් විතරයි . ජිමින් හිටියේ වෙච්ච දෙයින් කම්පනයට පත් වෙලා. එයාට ජන්ග්කුක් ගැන බයයි. ඒත් එයා ඒක නොපෙන්නවා ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.

" හියොන්ග් .... මෙතනින්.. යමු... ඉක්මනට .... " ජන්ග්කුක් මිමිණුවා. " මම මෙතන්ට කැමති නැහැ "

" කරුණාකරලා ජිමින් අපිට පුළුවන් ඔයාට උදව් කරන්න. " ඩීනා ජන්ග්කුක්ට එක අතකට වාරුවක් වෙමින් හෙසොක්ට ඇස් වලින් රැව්වේ තවමත් සැක සහිත බැල්මක් ජිමින් දිහාට පා කරන ගමන් සෙන්ස් එකක් නැ වගේ එයා පාර මැද හිටගෙන ඉන්න එකට.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now