16. ස්ට්‍රොබෙරී සිගරැට් 🌻

757 169 92
                                    

ජිමින් හොර පූස් බබෙක් වගේ kitchen එකට ආවා. කිචන් එක නම් වෙනදා වගේමයි..... කිසිම විශේෂත්වයක් තිබුණේ නැහැ. මේ ගෙවිල ගිය සති එකහමාර ඇතුලේ kitchen එකේ කිසිම දෙයක් වෙනස් වෙලා තිබුනෙ නෑ. එකම එක දෙයක් ඇරෙන්න . එයාගෙ ඇස් හොයපු ඒ කෙනා විතරක්.... එයා පේන්න හිටියේ නෑ .

masterchef මුලින්ම ජිමින්ව දැක්කම jiminගේ පිටට සුහදව තට්ටුවක් දාලා එතනින් යන්න ගියා . එයා වචනයක්වත් කතාකරේවත් කිසිම දෙයක් ඇහුවෙවත් නෑ.  හ්වාසා දවසේ මෙනු  එක ජිමින් ඉස්සරහට ගෙනත් දුන්නා . චෙෆ් මෝමෝ සුහදශීලී හිනාවකින් ජිමින්ට ගුඩ් මෝනින් කිව්වා .

එදා නම්ජුනියයි, සොක්ජිනුයි ජිමින්ව හොයාගෙන ඇවිල්ලා එයත් එක්ක කතා කරලා එයාට ඇත්තටම අවශ්‍ය දේ කරන්න ඉඩ දෙනවා කියලා කිව්වට පස්සේ වුණත්  තමන් මේ රස්සාවෙන් අයින්වෙනවද ඉන්නවාද නැද්ද කියන එක ගැන ජිමින් දෙගිඩියාවට පත්වෙලා තිබුණා... මොකද එයාට මතක් උනේ අර කළු බෝල ඇස් දෙක....

එදා රෑ එයාව තුරුළු කරගෙන ආයෙමත් එයා එන්න ඒත් ඕන... ඒත් ඕන තරම් කල් ගන්න  කියපු  කළු බෝල හා ඇස් දෙක . එයාගෙ නලලට හාදුවක් දීපු එයාගේ හැම හීනෙකටම රිංගනවා කියලා කියපු කළු බෝල ඇස් දෙක .ඉතින් jimin අන්තිමේ තීරණය කරා තව එක පාරක් ඒ කලු බෝල ඇස් දෙක දිහා බලන් ඉන්න අවස්ථාවක් ගන්න... ඒ නිසා එයා කිචන් එකට ආවා ආයෙමත් වැඩ පටන් ගන්න.... ඒත් එයා හොයපු කෙනා නෑ ......

ජන්ග්කුක් හිටියේ  ටිකක් කාර්යබහුල කාලසටහනකට හිර වෙලා . මුල් දවස් ටිකේ විතරයි කොහොමත් ජන්ග්කුක්ට බිස්නස් සෙන්ටර් එකේ වැඩකටයුතු අමාරු උනේ. එයාට ඒ ස්ට්‍රක්චර්ඩ් බෝරින් දේවල්  ඉක්මනින් අල්ලගන්න පුළුවන් උනා. එයා දක්ශයා......

හැබැයි මනුස්සයා දවසකට එක පාරක්,  දෙපාරක් kitchen එකට ගොඩ වදින එක නම් පුරුද්දක් කරගෙන තිබුණා. ඒ එයා මුලින්ම වැඩ කරේ එතන හින්දා විතරක්ම නෙවෙයි ... එයාට කිචන් එක ගොඩාක් මිස් උනා... ජිමින් ලගින් බැනුම් අහඅහ හරි හිටපු පුහුණු කාලයට එයා කැමති උනා... ජිමින්ගේ ෆෝන් නම්බර් එක, jiminගේ ගෙදර තියෙන තැන එයා දැනගෙන හිටියා වුණත් කිසිම වෙලාවක එයා ජිමින්ට කතා කරන්න උත්සාහ කළේ නැත්තේ ජිමින්ට තමක් ගැනම තීරණයක් ගන්න තව දුරටත් බාදාවක් වෙන්න එයාට අවශ්‍ය නොවුන නිසා... ඒත් එයාගෙ යටි හිත හිටියේ ලොකු ස්ට්‍රගල් එකක. එයාට මේ දැන් ජිමින්ගෙ ගෙදරට කඩන් පැනලා එයාව උස්සගෙන එන්න හිතෙන සිතිවිලි එයා බොහොම අමාරුවෙන් පාලනය කර ගත්තා.... පුංචි හරි දේකින් ජිමින්ව ඈත් කරගන්න එයාට ඕන උනෙ නැහැ.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now