27. තේරුම්ගන්න බැරි ආදරණීය ... 🌻

675 181 116
                                    

ගෙවුනු දවස් කිහිපයම ජන්කුක්ට සෑහෙන මහන්සි කාලයක් උදා කරා. එයා ගත්ත නිවාඩු වලට හරියන්නත් එක්ක එයාට හිටු කියලා වැඩ ගොඩ ගැහනා. අප්පාත් කොරියාවේ නැති නිසා හැම⁣දේම ගානට එයාගේ ඇගට කඩාපාත් උනා. ඒ නිසාම එයාට හුස්ම ගන්නවත් වෙලාවක් හමුබුනෙ නැහැ. ⁣රාජකාරි මෙසේ පැත්තකින් ගොඩගැහෙන සමහර ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියකියවිලි කම්පියුටර් ගත වෙච්ච ගනුදෙනු පිලිබද ලියකියවිලි ඊමේල් මුල ඉදලා බලන්න එයාට සිද්ධ උනා . ඒක කො⁣හෙත්ම ලේසි පහසු කාර්යයක් උනේ නැහැ. එයා හිටියේ තරමක ස්ට්‍රෙස් එකේ.

ඒ මොනවා උනත් හවස පහ හය වෙනකොට ජන්ග්කුක් ජිමින්ගේ ගෙදර එන එකනම් සක්කරයට තියා කිම් ටේහිය්‍යුන්ටවත් නවත්තන්න පුළුවන් උනේ නැහැ. පැයක් දෙකක් මේගස්වයි බබ්ලීවයි හුරතල් කරන්න එයා වැය කරන්නේ හිතලමයි. ඊට පස්සෙ චුට්ටක් ජිමින්ට තුරුළු වෙලා ඉන්නවා . ජිමින්ගෙන් කිස් එකක් ගන්නවා. කොටේජ් එකට එනවා. ආය මහා රෑ වෙනකම් වැඩ කරනවා. ඇදට වැටෙනවා. නිදා ගන්නවා...

සාමාන්‍යයෙන් ජන්ග්කුක් ආවම⁣ ටේහිය්‍යුන් කවදාවත් එයා එක්ක කතාවට ආවේ නැහැ. ඒ වගේම ටේහිය්‍යුන් කවදාවත් එයාලට බාධාවක් වෙන විදිහට හැසිරුනෙත් නැහැ. එයා තමන් පෙන්න ඉන්න බව පෙන්නලා ගොඩාක් වෙලාවට කරන්නේ එක්කෝ ජිමින්ගෙ මොකක් හරි වැඩකට උදව් කරන එක. ජිමින් උය උයා හිටියොත් ටේහිය්‍යුන් ඉන්නේ කිචන් එකේ. ජිමින් ගෙවත්තෙ හිටියොත් ටේහිය්‍යුන් ඉන්නෙ එතන. නැත්නම් එයා ⁣ජන්ක්කුක් එනකොට දොයි.... ටේහිය්‍යුන් කොහෙත්ම ජන්ග්කුක්ව යන්තමටවත් ගගන් ගත්තේ නැහැ... එයාගේ ආඩම්බර හිනාවවත් සමහර දවස් වලට ජන්ග්කුක්ට ලැබුනෙ නැහැ.

ජන්ග්කුක්ට ටේහිය්‍යුන්ගේ හැසිරිම පෙනුනෙ හරිම අමුතුවට. එයා ගොඩාක් වෙනස් කෙනෙක් කියන එක ජන්ග්කුක් අවබෝධකරගත්තා උනත් ටේහිය්‍යුන් ජිමින් දිහා බලන හැටි ජිමින් එක්ක විතරක් හිනාවෙන හැටි ජිමින්ට විතරක් අවධානය දෙන හැටි දැක්කම එයාව පිස්සු වැටුනා. ටේහිය්‍යුන් ගැන නොායකුත් දේ හිතන්න එයා පෙලබුනේම ඒ හින්දා. බැරි වෙලාවත් ටේහිය්‍යුන් ජිමිනව අරගෙන ගියොත්, නැත්නම් ටේහිය්‍යුන් ආයේ ඇමරිකා නොගියොත්.. නැත්නම් ටේහිය්‍යුන් ජිමින්ව කසාද බැද ගත්තොත්. බැරි වෙලාවත් ටේහිය්‍යුන්ට ජිමින් අරෙහෙම ආදරේ උනොත්... වගේ මොට්ට දේවල් ගොඩාක් එයා හිතුවා. ජන්ග්කුක් කියන්නෙ හරිම සාමාන්‍ය මනුස්සයෙක් . ඒ අහිංසකයා ඇත්තටම ටේහිය්‍යුන් කියන්නෙ ජිමින්ගෙ පලවෙනි ආදරේ කියලා දැනගත්තොත්....... මොනවයින් මොනවා වේවී ද

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now