30. Life goes on 🌻

738 171 146
                                    

ජිමින් ජන්ග්කුක් කෝටේජ් එකට යනකම්ම වගේ හිටියේ එයා ලගින්මයි ... ඒ හැගීම් ජන්ග්කුක්ගේ ව්‍යාකුල මනස තවදුරටත් සන්සුන් බවට පත් කරා. ටේහිය්‍යුන් ජන්ග්කුක් එක්ක මොනවදෝ කතා කරමින් හිටිය වෙලාවෙ ඇරෙන්න අනික් හැමවෙලෙම ජිමින් හිතලම වගේ ජන්ග්කුක් එක්කම ඉන්න උත්සාහ කරා.....

ටේහිය්‍යුන් අහම්බෙන් වගේ පුංචි වෙලාවක් ජන්ග්කුක් එක්ක පුංචි කතාවක් දැම්මා. මම හිතන්නෙ ඒ ටේහිය්‍යුන් එහෙමවත් ජන්ග්කුක් එක්ක කතා කරපු පලවෙනිම වතාව. අර සිද්ධියෙදිත් එයාව මුන ගැහුන පලවෙනිම දවසෙදිත් ඇරෙන්න...

රාත්‍රි ආහාර වේලෙන් පස්සෙ නම්ජුන් ජින් කලින් පිටත්වෙලා ගියපු නිසා අන්තිමේ ජිමින්ගෙ නිවසේ ඉතුරු උනේ ටේහිය්‍යුන් ජන්ග්කුක් ජිමින් විතරයි. බබ්ලී එයාගේ පුරුදු රාජකාරියේ යෙදෙමින් අවට වෙන දේවල් වලට කන්දුන්නා. මේගස් හොදට දොයි.

" ඔයා අද ඉන්නවද.... " ජිමින් ටේහිය්‍යුන් ඉන්න තැනම ජන්ග්කුක්ගේන් ඇහුවේ කිසිම පැකිළිමකින් තොරව. ටේහිය්‍යුන්ගෙන් උනත් ඒකට නරක ප්‍රතිචාරයක් හමුබුනෙ නැහැ.

ජන්ග්කුක් තමන්ගෙ කළු කොණ්ඩ ගස් අතරින් ඇගිලි දුවවන ගමන් ජිමින් දිහා හෙලුවෙ ප්‍රශ්නාර්තයක් සහිත බැල්මක්... ඒත් එයා ඒ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන්න ⁣හිස දෙපසට වැනුවා....

" අද බෑ ජිමිනී...... මට කරන්න පුංචි වැඩක් තියනවා . අප්පා කොරියා එයි තව ටික දවසකින්. ඒ නිසා....... " ජන්ග්කුක්ගේට දවස් ගානකට අතුරුදහන් උනාට ⁣පනිශ්මන්ට් එකට වැඩ ගොඩ ගැහිලා තියෙන බව ආය අමුතුවෙන් විස්තර කරන්න ඕන උනෙ නැහැ. ජිමින් එකගවෙන සුළු සිනහවක් හෙලුවා.

ටේහිය්‍යුන්ගෙන් සමුගත්ත ජන්ග්කුක් ජිමින්ගෙ නිවසින් එලියට බහිනකොට පුරුද්දට වගෙ බබ්ලිත් , ඒ පසුපසින් ජිමිනුත් හිමින් එයාගෙ පස්සෙන් ඇදුනෙ හරිම නිරායාසයෙන්.

" හ්ම්........ " ජන්ග්කුක් දිග සුසුමක් හෙලුවා.

ජිමින් මුණ අමුතු කරගෙන ජන්ග්කුක් දිහා බැලුවා.

" ජන්ග්කුක් ඔයාට මොනවහරි කියන්න තියනවද මට " ජිමින් ජන්ග්කුක්ගේ harley යට අත තබමින් ඇහුවා.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now