32.memories 🌻

804 170 144
                                    

ජන්ග්කුක්ගේ අමුතු හරිතාගාරයේ හතරවටේ ඇවිද්දට පස්සේ ජිමින්ට ඇවිත් තිබුනෙ විද්‍යාව හදාරන උසස් පාසල් සිසුවෙක්ගෙ පෙනුමක්. එයා අන්තිම වෙනකොට හැම පැලෑටියක් ගැනම ඕනවට වඩා විස්තර සෑහෙන්න ප්‍රමාණයක් ජන්ග්කුක්ගේන් අහලා දැන්ගෙන තිබුණා...

" මහන්සිද "

" ම්හු නැහැ....... " ජිමින් හිටියේ ජන්ග්කුක්ගේ අත් අතර ගුලි වෙලා..... ජන්ග්කුක් නම් ජිමින්ගෙ දම්පාට කොණ්ඩ ගස් අවුස්සන ගමන් ලොකු කල්පනාවක ඉන්න බවක් පෙන්න තිබ්බා.

" ම්ම්ම් එහෙනම් ..... මට ඔයාට තව දෙයක් පෙන්නන්න තියනවා . යමුද " ජන්ග්කුක් ඇහුවා. ජිමින් ඉක්මනින් ඔලුව හෙල්ලුවා.... එයාගේ මුණ සතුටු උණුහුම නිසාම ලා රෝස පාටක් අරගෙන තිබුණා.

" ලිලියම් මං ඔයාව බලන්න පස්සෙ දවසක එන්නම් ලව් " ජිමින් බබෙක් වගේ තොල පෙරලලා එයාගේ හිත ගත්ත ලිලි මලේ පෙත්තකට තට්ටුවක් දැම්මා. ජන්ග්කුක්ගෙ මුණ පුංචි හිනාවකින් විකසිත උනා. එයා ජිමින්ගෙ හැම ඉරියව්වකටම ආදරේ වෙන ගමන් හිටියා.

හරිතාගාරයේ දොර අගුලු දාන ගමන් ජන්ග්කුක් ජිමින්ගෙ ග්ලවුස් ගලවලා රිසයිකලින් බින් එකට දැම්මා. අත් දෙක හොදින් හෝදගෙන ජිමින්ගෙ චුටි ඇගිලි කරු අතරේ අත යවන ගමන් ජන්ග්කුක් ආයේම හිනාවක් පා කරා.

" ඔයා අද ගොඩාක් හිනාවෙනවා ජොන් ජන්ග්කුක් " ජිමින් ⁣ඇස් හිනී කරමින් කිව්වා.....

ජන්ග්කුක් කරේ ආයෙම එයාගෙ පුරුදු ලජ්ජාශිලී හිනාව පාකරන ගමන් බෙල්ල අත ගා ගන්න එක.
.
.
.
.
.

" වාහ්..........වා...............වාහ්............ගුකී......................" ජිමින් මුන බෙරි කරගෙන ජන්ග්කුක්ගේ අතෙ එල්ලුනෙ එයාගෙ ඇස් ඉස්සරහා තියන පුදුම තරම් ලස්සන දරශණය එයාව ගිලගද්දි.

එතන තිබුනෙ දැවමය මණ්ඩපයක්. මණ්ඩපය වටෙ පුංචි මල් රටා වලින් හැඩ උනු තෘණ වර්ගයක් වැවිලා තිබුණා. මණ්ඩපය ඉස්සරහින් රෝස යායක්. සුදු රෝස යායක්..... ඇත්තටම දිව්‍යලෝකයක් වගේ...

ඊට එහායින් තවමත් ඉර දිහාට හැරුනු ගමන් විකසිත වෙන්න දගලන සුරියකාන්ත මල් වැටක් තියනවා ජිමින් දැක්කා. එතනින් එහාට පදුරු පදුරු වශයෙන් නොයෙකුත් පැහැති මල් වර්ග පිපිලා තිබුණා. ඒ සමහර ඒවා ජිමින් ජීවිතේකට දැකලා නැහැ.

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now