53. ස්වර්ගය 🌻

530 149 51
                                    

තද සුලන් හා වැසි සහිත කාලගුණය සුවදායි හැගීමක් එකතු කරා. ජිමින් හිටියේ දිග නින්දකට වැටිලා. කන්ජුන් පිටවුන මොහොතේ ඉදන් ජිමින් හිටියේ අසිහියෙන් වගෙ අඩන ගමන්. තමන්ගෙ හැම භයානක හැගීමක්ම එයා පිටකරගත්තා. ජන්ග්කුක්ව සම්බන්ධ කර ගන්න ගත්ත අන්තිම උත්සාහයක් ව්‍යයර්ථවෙන කොට ජිමින් තවත් නොසන්සුන් උනා. ජීවිතේ අමාරු දවස් ගෙවා ගන්න තරම් මානසික ශක්තියක් තවමත් එයාට ඉතුරු වෙලා තියනවද කියලා ජිමින් කල්පනා කරා. එයාට ජන්ග්කුක්ව අවශ්‍යයි.....

ඔලුවට දැනෙන අසහනකාරී මානසීක අවපීඩනයත්, ඇල්කොහොල් දාරිතාවත් ජිමින්ට මුල ඉදන්න දැනුනු දැඩි නිදිමත ස්වාභාවයත් නිසා එයා අඩලා ඉවර උනාම දැනුනු විඩාවටත් එක්කම නින්දට වැටුණා..

බබ්ලි හිටියේ මේ හැමදේ දිහාම ඇහැ ගහගෙන. හැබැයි එයා ජිමින්ට කිසිම කරදරයක් වෙන විදිහට හැසිරුනේ නැහැ. තමන්ගෙ හුරතල් ජිමින් ඉන්නේ දුකින් කියලා එයා දන්නවා... ඉතින් එයා ජන්ග්කුක් එනකම් ජිමින්ව බලා ගන්න හිතා ගත්තා. එයාට පුළුවන් හොදම විදිහට.

නිවසට ආපු අමුත්තට බබ්ලි මුල ඉදලම කැමැත්තක් දැක්කුවේ නැහැ. සියෝ කන්ජුන් ගැන නරක ඉවක් බබ්ලීට දැනුනේ හරියට තමන්ගෙ පුංචි ස්වාමීයාව උදුරගෙන යන්න ආපු කෙනෙක් වගේ. ඒ නිසා එයා යන්තමටවත් කන්ජුන් ලගින් ඇහැ එහාට මෙහාට කරේ නැහැ.

ජිමින් නින්දට වැ⁣ටුනට පස්සෙ බබ්ලී මේගස්ගේ වීදුරු ගෙදර වටේ කැරකුනා. මේගස් උණුහුම් සුවද හුස්මක් එක්ක හොදින් ඉන්න බව දැනුන නිසා එයා ජිමින් නිදාගෙන හිටපු සෝෆාව ලගට ගුලි උනා. ජිමින්ගෙ හුස්ම එයාගෙ තෙත හොම්බෙන් ඉව කරපු බබ්ලි යන්තමට ඇස් පියාගත්තා.

🌻......................................................................🌻

වැස්ස................

තද සුලග...........

හරියටම මිනීමරුවගේ කලබල සිතිවිලි වගේ.... ගොදුරකට ඉව කරන මුර්ගයෙක් වගේ මිනීමරුවා තමාටම ගොරව ගත්තා. ඕනේවට වඩා තමන් ගැන දන්න කෙනෙක් ! ඕනෙවටත් වඩා බොහෝ දේ...

එයා විශ්වාස කරා වගේම පාර්ක් ජිමින් තමන් ගැන පරීක්ෂක ඩීනා එක්ක එකතු වෙලා හොයලා තියනවා කියලා එයා දන්නවා . පරීක්ෂක ඩීනා විලියම්සන් කියන්නෙ ලේසියෙන් තමන්ගෙ අන්තිම අරමුණ කරා යන එක මග නවත්තන කෙනෙක් නෙවෙයි කියලා එයා හොදින්ම දන්න කාරණාවක්. ඉතින් ඉස්සරහා කාලය ගොඩාක් අමාරු එකක් වෙවී.....

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Opowieści tętniące życiem. Odkryj je teraz