21. Family matter 🌻

667 178 81
                                    

" සර් මෙතනද තැන ? "

" ඔව් යොන්දෝ.... ඔයා යන්න එපා. ඔහොම ටිකක් ඉන්න. මම අප්පට කියන්නම් ඔයාව චුට්ටක් තියා ගත්තා කියලා " ජන්ග්කුක් සුඛෝපබෝගී කාර් රථය එතනම නවත්තගෙන ඉන්න කියලා රියදුරුට කිව්වා. ජන්ග්කුක් දන්නවා අප්පට වැඩ ඒ වැඩේ වෙලාව විදිහට වෙන්න ඕන කියලා . එයා තමන්ගෙ කිසිම සේවකයෙක් රස්තියාදු කරන්නෙ නැහැ.

ජන්ග්කුක් කාර් රථයේ දොර ඇරගෙන ජිමින්ගේ ගේ ඉස්සරහින් එලියට බැස්සා. ඒ එක්කම එයා පැත්තෙන් එලියට පැන්න අමුත්තා කන්දෙකත් උස්සගෙන ජිමින්ගෙ ගේ පැත්තට දිව්යෙ පුරුදු කාරයෙක් වගේ.

බල්ලෙක් එක දිගට බුරන සද්දෙට සොපාවට ගුලිවෙලා හිටපු ජිමින් ගැස්සුනා. එකක් එයා හිටියේ මේගස් නැති වෙච්ච එකට කනගාටුවෙන්. දුකේන්.... පසුතැවීමෙන්.... අනික එයා මේගස්ට තාම බයයි.

ජිමින් සෝෆාවෙන් පැනලා ලොක් කරලා තිබ්බ දොර ඇරියා.

ආගන්තුක ශක්තිමත් පෙනුමක් තිබ්බ බලු කෙල්ල ජිමින්ට හීනීයට ගෙරෙව්වා...

ජන්ග්කුක් හිටියේ ජිමින් දිහාට ඇවිදගෙන එන ගමන් ...

ජිමින් එක පිම්මට ගෙයින් එලියට පැනලා ජන්ග්කුක් දිහාට දුවගෙන ගියේ ජන්ග්කුක්ට වචනයක්වත් කියා ගන්න ඉඩක් නොතියා... එයා ජන්ග්කුක්ගේ කරට පැනලා බෙල්ලේ එල්ලිලා ආයෙම අඩන්න තියා ගත්තා

" ජන්ග්.....කු...කී..... අනේ.... ම...
මමම.....මම....."

ජන්ග්කුක් පුදුම උනත් ජිමින් තමන්ව පිළිගත්ත විදිහට එයාගෙ හදවත සන්තෝසෙන් උඩ පැන්නා . එයා එහෙම්ම ජිමින්ව ඉනෙන් උස්සලා අරගෙන තුරුළු කරගත්තා. ජිමින්ගෙ පුංචි කකුල් තිබ්බේ බිම ගෑවී නොගෑවී. ජන්ග්කුක්ගේ බබ්ලී දෙන්නා වටේ ඉව කර කර කැරකි කැරකි බිරුම් තිබ්බා.

" ශ්ශ්....... ශ්..... බෙබී..... හැමදේම හරි. අපි එයාව හොයාගමු. එයා හැංගිලා ඇති. බබ්ලී එයාව හොයා ගනී .... " ජන්ග්කුක් මිමිණුවා ....

ජිමින් සන්සුන් උන හැටියේ ලැජ්ජාවෙන් වගේ ජන්ග්කුක්ගේන් ඈත් උනේ නහය උඩට අදින ගමන්. ජන්ග්කුක් ඉස්සරහා තව දුරටත් එයාගේ හදවත ගලක් නොවෙන විත්තිය එයා දන්නවා ....

ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ Where stories live. Discover now