ජන්ග්කුක්ගේ අප්පා ආපු දවස hotel grizzly kitchen එකටනම් ඉස්පාසුවක් නොතිබිච්ච දවසක්. ජන්ග්කුක්ගේ අප්පා එයාගෙ බිස්නස් වලින් අත ගහන්නෙම නැත්තේ මේ හොටෙල් සංකීර්ණයට. ඉතින් එයා වැඩිය නොඑන්නෙම මෙතනට නිසයි මුලින්ම ජන්ග්කුක්ට බිස්නස් වලින් මෙතන බාර දෙන්න ඕන කියලා එයා හිතුවෙ.අප්පා මුලින්ම ජන්ග්කුක්ගේ දගවැඩ වලට තරවටු කරෙ මේගස්ව එයා කිචන් එකට අරගෙන ගියපු එක දැනටමත් එයා දන්න නිසා. ජන්ග්කුක් හොර හාවා වගේ කටත් උල් කරගෙන උරහිස ලගට වැටෙන කළු කොණ්ඩෙන් ඇස්දෙකත් මුවා කරගෙන බිම බලන් හිටියා අප්පගෙන් බේරෙන්න. අද වැඩ නැති නිසා එයා ඔහෙ කොණ්ඩෙ වනාගෙන ඉන්න තීරනෙ කරලා තිබ්බා.
මිස්ටර් ජොන් ජිමින්ගේ ස්පේෂල් ඩිශ් එකේ රස බැලුවෙ සාමාන්‍ය ගෙස්ට් කෙනෙක් වගේම රෙස්ටුරන්ට් එකෙ ඉදගෙන. බෙල්ලෝ ඩිශ් එක හැදුවෙ ජිමින් කියලා එයා නොදන්න නිසා චෙෆ්ව හම්බවෙලා ප්‍රසංසා කරන්න ජොන් අමතක කරේ නැ. ජිමින්නම් මිස්ටර් ජෝන් ලගට ඇවිදගෙන ආවෙ චකිතයෙන්. එයා හිතුවෙ ඒක මේගස්ට සම්බන්ධ දෙයක් කියලා . එහෙම නැත්නම් තමුත් ජන්ග්කුක්ට සලකන විදිහ ගැන දැනටමත් මිස්ටර් ජොන්ට ආරංචි ඇති කියලා ජිමින් හිතුවා. එයා කොහොමත් හිත හදාගෙන හිටියෙ. තමන්ගෙ හිත රිදෙන යමක් කිව්වොත් රස්සාවෙන් වැඩක් නැ කියලා ජිමින් දන්නවා . එයා හොද හුස්මක් අරන් හිතාගත්තෙම තමන්ගෙ පිටට නොකරපු වැරැද්දක් පැටලුනොත් මිස්ටර් ජොන් කියලා නොබලා කියන්න තියන දේ කියලා මෙතනින් එලියට බැහැලා යන්වා කියලා හිතාගෙන.
කොහොමත් ජිමින්ට තිබ්බෙ හරි ලස්සන තියරියක්. ' මාව අස් කරන්න එයාලට බැ. මමයි එයාලව අස් කරලා දාන්නේ හහ්' එයා ඒකෙන් අදහස් කරේ එයා ස්වෙච්චාවෙන්ම රස්සාව අතාරින එක ගැන . කව්රුත් කියන්න කලින්ම.. ගැම්මක් තමයි 😎
" චෙෆ්.. ඔයා හරිම තරුණයිනේ. ඉදගන්න " මිස්ටර් ජොන් දරුවෙකුට වගෙ කරුණාවෙන් ජිමින් එක්ක හිනා උනා. ජන්ග්කුක් හිටියේ මිස්ටර් ජොන් ලග හිටගෙන. ජන්ග්කුක් දිහාවට බැල්මක් පා කරලා ජිමින් මිස්ටර් ජොන් ඉස්සරහින් ඉද ගත්තෙ ඕනවට එපාවට වගේ. මිස්ටර් ජොන් හරිම සුහදශිලී විදිහට ජිමින් ඉස්සරහට අත දිගු කරා.එයාලා හෑන්ඩ් ශේක් කරන ගමන්ම ජිමින් තමන්ව අදුන්වලා දුන්නා.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...