මිස්ටර් ජෝන්, ජන්ග්කුක්ගේ අප්පා කොරියාව ට ආවා කියලා ජන්ග්කුක්ගේ ඇගට පැටවෙන වැඩ නම් යන්තමටවත් අඩු උනේ නැහැ. ජන්ග්කුක් දැනටමත් හොටෙල් එකේ සෙක්ෂන් කිහිපයකම ඉගෙන ගන්නම අවශ්‍ය මුලික දේවල් දැනටමත් අධ්‍යනය කරලා තිබුණා.
ජිමින් හිටියේ සතුටින්. එයාට විටෙන් විට ටේහිය්‍යුන් මතක් උනා. ටේහිය්‍යුන්ව දිගින් දිගටම සම්බන්ධයක් කර ගන්න බැරි වෙද්දි ජිමින් මුලින් කලබල උනත් , ටේහිය්යුන්ගේ සීතල ප්‍රතිචාර විරහිත බව එයාට තේරුම් ගන්න පුළුවන් උනා. ටේහිය්‍යුන් ඇමරිකා නොගිය බව නම්ජුන් ජිමින්ට කිව්වම ඒ දෙන්නම අන්තිමේ තීරණේකට ආවා.
" ඒ කියන්නෙ හියොන්ග් ටේටේ ඇමරිකා ගිහින් නැ කියන එකනම්....."
" ඒ යකා හදිසියේ සහරාවෙන් මතුඋනොත් මම පුදුම වෙන්නැ ජිමින් " නම්ජුන් කිව්වා.
ටේහිය්‍යුන් කියන්නෙ හිතෙන දේ කරන්න පසුබට නොවෙන කෙනෙක් නිසා හදිසියේ එයා අන්දමන්ද දූපතක මැද්දේ හිටගෙන ' මිනී අයි රියලි මිස් යු. බට් දිස් ෆීලින් ඉස් ෆකින් ගුඩ් ' කිව්වත් ජිමින් පුදුමයට පත් නොවෙන්න ඉඩ තිබ්බා.
එයාගේ ටේහිය්‍යුන් එච්චර හුදකලාවට කැමතියි .
ජන්ග්කුක්ගේ පුංචි පුංචි දඟ වැඩ එක්ක ජිමින් කොහොමත් ටේහිය්යුන්ගේ සමුගැනීමෙන් වෙනදාටත් වඩා ඉක්මනින් යතා තත්වයට පත් වෙලා තිබුණා. ජන්ග්කුක් හැම රෑකම කොච්චර වෙහෙසකාරි දවසක අවසානයේදි උනත් ගිහින් නැවතුනේ ජිමින්ගෙ පුංචි නිවහනේ. ජිමින්ගෙ වෙහෙසකර රතු ගැහුනු කකුල් වලට විවේකයක් දෙන්න වගේ දවසක් ඇර දවසක්වත් ජන්ග්කුක් පුරුද්දකට වගේ ජිමින්ගෙ කුකුල් කකුල් මසාජ් කරනවා. ජිමින්ගෙ ශෝයිම ශෝයි හෙඩ් මසාජ් එකකට පස්සෙ කරන කියුට් සෙක්සි ලව්ලි දේවල් ගොඩ ගොඩකට පස්සෙ ජිමින්ගෙ පුංචි ගෙදර සතුටින් පිරුණු හිනා හඩවල් ඇහෙන්න ගන්නවා.
ඩේට් එකකට යන්න තියා පණ ඇතිව සෙක්ස් කරන්නවත් එයාලට ඇත්තටම ගෙවුනු සතියේ පුළුවන්කමක් තිබුනෙ නැහැ. ඒ කියලා ඒ දේවල් නොකෙරුනා කියලත් නැ .
කොහොම උනත් ජන්ග්කුක්ගේ උදේ කෑම එක, ඔෆිශියලි දවල් කෑම එක සහා රෑ කෑම ඔක්කොම පිළියෙල උනේ ජිමින්ගෙ අතින්. හොදයි ඒක කරේ නිකන් නෙවෙයි. ඒ එයාගේ ජොබ් එකේ කොටසක් නිසා. තේරුනද . වෙන දෙයක් නැ. ඕකේ... ගොඩාක් විට රෑට නම් ජිමින්ගේ මහන්සි මූඩ් ෆික්ස් කරන්නත් එක්ක ජන්ග්කුක් විවිධාකාරයේ ( අම්මටසිරි වෙන්න ) රෙසිපි එක්ක අමුතු කෑම හදන්න පටන් ගත්තා. ජිමින් නිසාම බයක් සැකක් නැතුව ඒවා කනවා මිසක් ඇත්තමයි මට නම් කිසිම විශ්වාසයක් නෑ. හැබැයි ඒවා ඇත්තටම රසයි... ( ලු ) ඒත් එවා හරි අමුතුයි ! එයා වගේම...
KAMU SEDANG MEMBACA
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fiksi Penggemar𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...