' කලන්තයක් දාපු මනුස්සයෙක්ව බයික් එකේ අරන් යන්න තමුසෙට පිස්සු ද ජන්ග්කුක් ..... ' ජිමින් තමන්ව තදින්ම ග්රහණය කරගෙන ඉන්න බව තේරුනම ජන්ග්කුක්ට තමන් ගැනම වරදකාරී හැගීමක් ඇති වෙන්න ගත්තා උනත් ඒකෙන් එයාට ඒ ගමන්ම සතුටකුත් ඇති උනා...
ජන්ග්කුක් ගියෙ පුළුවන් තරම් හෙමින්. ජිමින්ගෙන් පාර ඇහුවම වැඩි කතා නැතිව ජිමින් ඇඩ්රස් එකම කියලා දැම්මෙ එක්කෝ ජිමින් බයික් රයිඩ් එකට බය නිසා ඉක්මනට ගෙදර යන්න. නැත්නම් ජිමින් ඉන්නෙ කේන්තියෙන් , නැත්නම් ජිමින් වැඩේට කැමතියි කියලා ජන්ග්කුක්ට හිතුනා.
එතකොට ජිමින්ගෙ පැත්තෙන් එයා ජන්ග්කුක්ගේ උණුසුම් පිටට හේත්තුවත් දාගෙන හෙල්මට් එක පිටින්ම සම්පුර්ණයෙන්ම ජන්ග්කුක්ව බදාගෙන ඔලුව එයාගේ උරහිසට ඔලුව බර කරගෙන ඇස් තදින් පියා ගත්තා. සෝල් වල සීතල හුලගත් එයා ජන්ග්කුක් කෙරෙ තියපු විශ්වාසයත් නිසා ජිමින් ටිකින් ටික ඇස් ඇරලා රාත්රි සෝල් නගරයෙ චමත්කාරය විදින්න පටන් ගත්තා... තවමත් තදින්ම ජන්ග්කුක් ග්රහනය කරගෙන හිටියා උනත් ජිමින්ට හදිසියේ පාවෙන හැගීමක් ඇති උනා. හුළන් කපාගෙන සාමාන්ය වේගයෙන් ඉදිරියට ඇදෙන බයික් රථයත් පහුවෙන හැමදේමත් ජිමින්ට සුවපහසුවක් එකතු කරා. එයා හිනාවුනා. එයා එක්කම හරි පහසුවට... ඒක කවුරුවත්ම දැක්කෙ නැත්තේ ෆුල්ෆේස් හෙල්මට් එකත් ජැකට් එකත් එයා වගේම එයාගේ හැම හැගීමක්ම පිටතට නොදී හංගගෙන තියාගන්න උපකාරී වෙච්ච නිසා...
ජිමින්ගෙ ගෙදර හොයාගන්න ජන්ග්කුක්ට ලොකු අමාරුවක් උනෙ නැහැ. පුංචි ගෙවත්තක් එක්ක මිදුල මැදට වෙන්න තිබුණු ජිමින්ගෙ නිවහන සෝල් නගරයෙන් බොහෝ දුර පලාතක් ජන්ග්කුක්ට මතක් කරා. ගෙදර ඉස්සරහම තිබුනෙ මල් පිරුණු චෙරි බ්ලෝසම් ගහක්. ජන්ග්කුක් බයික් එක එතන්ට කරලා නැවැත්තුවා. ජිමින් දඩි බිඩි ගාලා බයික් එකෙන් බැහැගත්තට ජන්ග්කුක්ට නම් කිසිම හදිසියක් තිබුනේ නැහැ වගේ.
ජිමින් ජන්ග්කුක් ඉස්සරහා හිටගෙන බබෙක් වගෙ බෙල්ල දික් කරේ හෙල්මට් එක ගලවන්න කියනවා වගේ. ජන්ග්කුක් තමන්ගෙ හෙල්මට් එක ලගවලා පැත්තකට කරලා ජිමින්ගෙ හෙල්මට් එකට අත තිබ්බා. හෙල්මට් එක අස්සෙන් ජිමින්ගෙ රෝස කම්මුල් මතුවෙනකොට ජන්ග්කුක්ට සැනසීමක් දැනුනා.
YOU ARE READING
ᗯᕼEᑎ I ᖴEᒪT YOᑌᖇ ᖴᖇᗩGᖇᗩᑎᑕE 🌻- ᴊɪᴋᴏᴏᴋ
Fanfiction𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐨 𝐥𝐢𝐟𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐚 𝐟𝐨𝐫𝐠𝐨𝐭𝐭𝐞𝐧 𝐦𝐞𝐦𝐨𝐫𝐲 𝐥𝐢𝐤𝐞 𝐟𝐫𝐚𝐠𝐫𝐚𝐧𝐜𝐞 . - 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐨𝐩𝐡𝐞𝐫 𝐏𝐨𝐢𝐧𝐝𝐞𝐱𝐭𝐞𝐫 - Gerne ; crime thriller psychological thriller mystery suspence Fantasy supernatur...