"මේ අපේ අන්තිම හමුවීම දේව්..."
"ඕක කියන්න ඔච්චර ලේසිද?"
"නෑ අමාරුයි..."
"වෙන්න බෑ ඔයා හිනා වෙනවා..."
"ඉතින් ඔයා කැමතිද මට වෙනදා වගෙ නැතුව ගුට්බායි කියන්න. මේක කොහොමත් වෙනදා වෙනවා වගෙ දෙයක් නෙවේ දේව්"
"එත් මට ඕනේ හිනා වෙලා බායි කියන්න..."
"හරි... අපි කරමු...""අන්තිමේට කියන්න දෙයක් නැද්ද?"
"ඔයාට කියන්න දෙයක් තියෙනවා නේද ඉතින් කියන්න...""ඔව් තියෙනවා... ආයෙ දවසක මට හිතුනොත් ඔයාව හම්බුන මුල්ම දවසට යන්න... මම යනවා. මොකද අදටත් අපේ බැදීම ගැන මට පසුතැවෙන්න දෙයක් නෑ...."
"ම්ම්ම්ම්...." ඒක හරි ලොකු සුසුමක්... ඈතටම ගියපු.
"ඔයාට මුකුත් කියන්න නැද්ද?"හුම්ම්ම්... බායි...."
මගෙ අන්තිම වචන ඒ... කවදාවත් හිනාවක් නොගෙනාපු ජිවිතේක පොඩි හරි සැනසීමක් ඇති කියලා හිතුන හීනෙක අවසානයෙ. මට කියන්න පුලුවන් වුන වචන දෙක එතනින් ඉවරයි. මටත් පිටුපාලා දුරට යන දෙව්කිත් ආද්ය... ආයෙ එකම එක පාරක් පිටිපස්සවත් නොබලා යන්න යනවා.
"කවදාම හරි දවසක ඔයා තනිවෙලා මාව හෙව්වොත් එදාට දෙව් මම නැති වෙයි. මොකද ඔයාට මාව හොදම කෙනා වුනාට මගෙ ජිවිතේ එකම කෙනා ඔයා..... කවදා හරි මම මැරෙනවා නම් ඒ ඔයාගෙ අතින් හරි, ඔයා වෙනුවෙන් හරි, ඔයා ලග හරි වෙන්න ඕනේ" මට කියන්න බැරිව හිර වෙච්ච ඒ වචන මම දෙව් යන පාර බලලා කිව්වා. මගෙ ඇස් වලින් එකම කදුලු බිංදුවක් වැටුනේ නෑ. ඇයි ඒ? මේ මගෙන් දුරට වෙන්නෙ මම ආදරේ කියන වචන ඉගෙන ගත්ත මිනිහා... ආදරේ කරපු එකම මනුස්ස ජිවියා.
අපි අපිට ද්‍රෝහි වුනේ නෑ... අපි අපිට වෛර කරේ නෑ. අන්තිම පාරටත් මම වත් එයා වත් අපේ අනාගතේට කලු ලකුණක් තියලා නෑ. අපේ බැදීම පිවිතුරුයි. ගොඩාක්.....
"හේයි ලෝ එකේ ඌන් එක්ක මේ සැරේ බිග් මැච් එක අපිට තියෙන්නෙ. පොඩ්ඩක් වත් බුරුලක් දෙන්න බෑ..."
කැන්ටිමේ කෑම පෝළිමේ ඉදගෙන අපේ ඌන් ටික කෑ ගහගෙන එනවා. කැම්පස් සංස්කෘතිය ඇතුලේ මැනේග්මන්ට් ෆැකල්ටි එක කියන්නෙ ෆට්ට පොරවල් සෙට් වෙන තැනක්. ඉස්කෝල වලින් පෙරා ගෙන පෙරා ගෙන ගෙනාව කොල්ලෝ කෙල්ලො අතරින් නහර වැඩිම සෙට් එක ඉන්නෙ මෙන්න මේ ෆැකල්ටි එකෙ. සෙමෙස්තර් එකෙන් එකට මූන් හැමදාම කිව්වට හැදෙනවා කියලා කවමදාවත් මූන් හැදුන ජිවින් වුනේ නෑ.
![](https://img.wattpad.com/cover/336126869-288-k908160.jpg)
YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚