18-

1.9K 279 51
                                    

"මෙහෙම ශෝයි..." සිමෙන්ති බංකුවේ ඉදගෙන දෙන්නම බියර් ටින් හිස් කරන ගමන් ඉද්දි දෙව් කියනවා. මේ කාලෙටම දෙව් ඔය කතා කරාමයි. එයා හිටියෙම සේපාලිකා ගහට කෙලින් තියෙන අහස දිහා.

"කොහොමද?"
"සීතල රෑක බියර් එකක් බොන ගමන් තරු බලන්න ඒ විතරද සේපාලිකා මල් සුවදත් ලගට එද්දී... එත් එකක් අඩුයි වගෙ."
"ඒ මොකක්ද?"
"ගායකයෙක්, සේපාලිකා මලයි සිංදුව කිව්වා නම් මම සතුටින් අහන් ඉන්නවා. මගෙ earbuds දෙකත් දැන් ගන්න කම්මැලි එකෙ."
"ඉතින් ඇබේ ගහගන්නවා ගෙනත්."
"බෑ ලයිව් අහන්න තියෙද්දී මොකටද රේකෝඩ් අහන්නෙ." දෙව් කියද්දී මම ඒ මූණ බැලුවා.

මම ඒ මූණෙ හැම ලක්ෂණයක්ම මතක තියාගන්න බැලුවා එයාගෙ ඇස් හිනා වෙද්දී පොඩ්ඩක් පොඩි වෙනවා. ඒක නෝර්මල් හිනාවකට නෙවේ අර කියන්නෙ කට කපලා හිනා වෙනවා කියලා එහෙම  හිනාවකට... ඒ වගෙම එයාගෙ තොල් හීනි නෑ මහතත් නෑ... එත් රෝස පාටයි. තොල උඩට වවලා තියෙන රැවුල නිසා එයාගෙ පෙනුම ගොඩාක් දරදඩුයි වගෙ. එයාගෙ බෙල්ල මැදට වෙන්න තියෙන බර්ත් මාර්ක් එක මාරම සෙක්සි ලූක් එකක් පෙන්නනවා. කොලු ස්ටයිල් වැඩිය කරන්නෙ නැතත් එයා අයිබ්‍රෝ එකක යටින් පොඩියට ගාලා දාලා තියෙනවා. ඒකෙන් අමුතු මැර ලුක් එකක් ආවත් එයාගෙ මූණෙ තියෙන සීතල කියුට් ගතියට ඒක අමුතුම ලුක් එකක් එන්නෙ... එතකොට අර දිග ඇගිලි වලින් එයා නිතරම කෙලින් කරන්න හදන එත් මූණටම වැටෙන කොණ්ඩේ මට මතක් කරන්නෙ කාවද වෙන කවුරුත් ඒ පෙනුමට නෑ... ඒ මගෙ ඇබා විතරයි. එයා විතරයි එච්චර ලස්සන වෙන්නෙ..

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය, සොයා
මේ රාත්රියම නිසංසලයි
ඒත් ඔබ නිසා

මල් පිපෙන තුරු ලතා
මද සුළඟේ නැලවුනා
සිත දකින, දකින සිහිනෙදි ඔබ,
මට මතක් වුනා
ඇසි පිය හෙලන්න මොහොතක්වත්,
මතක නැති වුනා

මම සිංදුවම කිව්වා එත් සේපාලිකා මල් දිහාවත්, හදක්, තරුවක් දිහාවත් බලාගෙන නෙවේ එක දෙවගනක් වගෙ ලස්සන දෙව් දිහා බලාගෙනෙ. එත් එයා බලන් ඉන්නෙ දුර ඈත තිබ්බ මොකක් හරි දිහා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Donde viven las historias. Descúbrelo ahora