දැනට මාස තුනයි. මම අනුරාධපුර ඇවිත්. හැරමිට්ටකින් දැන් නම් ටික ටික ඇවිදින්න පුලුවන් මට. බලන්න එත් අපේ ඌන් නිතරම එනවා. ඇවිත් මට කන්න ගේන එවා ඌන්ම කාලා යනවා. ඌන් දන්නවා මෙහෙ තෙල් කන්න දෙන් නෑ කියලා. එත් මුන් ලෙඩා බලන්න එද්දී ගෙන්නෙම තෙල් කෑම. වඩේ, රෝස්ල්, රයිස් පස්සෙ ඌන්ම ඒවා කාලා බඩ පුරවන් හිනාවෙලා අහිංසක මගෙ බඩත් අවුස්සලා යන්න යනවා. දන්නවද මට ගොඩාක් මිස් වෙනවා කෑම... යකෝ නාසියක් කාපු කාලයක් මතක නෑ. මම කන්නෙම වැටකොළු, බතල, පතොල, සලාද, කොළ, කැද අම්මොහ් මොකට කියනවද?
කෑම ගැන වගෙම කලකිරුන අනික් දේ නම් බීම. බියර් එකක් බීපු කාලයක් මතක නෑ. ඇත්තටම මේ මමමද කියලා නිතරම් මම මගෙන් අහනවා. තිත්ත කට වේලන කසාය විතරක් මගෙ ජිවිතේ වෙලා එතකොට එහෙම මගෙ ඇග මම හදාගන්න හදනකොට
මගෙ හිත,
දෙව්කිත් ආද්ය වෙනුවෙන් බලන් ඉන්නවා. මම හිතුවා එකම එක සැරයක් එයා මාව බලන්න එයි කියලා. මම දන්නවා එක විහිලුවක් එත් මම බලන් හිටියා. අඩුම තාමත් එක පාරක් දෙව් මට කෝල් කරේ නෑ. කවුද හිතුවේ එයාට හිටිය එකම යාලුවව එයාට එච්චර ඉක්මනින් අමතක වෙයි කියලා. කෝල් එකක් ගන්න බැරි තරම්. මම නිතරම ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්නවා එයාගෙ නම වැටෙයි කියලා. එත් නෑ. මම හිතන්නෙ එයාට හිතෙන්නෙ නෑ කෝල් එකක් ගන්න හිතෙන්න තරම්වත් මාව මතක් වෙනවා ඇති කියලා."මොකො මොකො මේ කොලුවාට කම්මැලිද?"
"නෑ මාමේ.." මේ මාස දෙකට එයා මට හරියට ආදරේ කරනවා. මම එහෙම තමා කාගෙත් හිත් වසග කරගන්නවා. හුම්ම්ම්... වයස අවුරුදු 70ක වගෙ මනුස්සයෙක් තමයි මේ අප්පුහාමි කියන්නෙ. පිරිසිදු පිස්සෙක්. මූ නිකන් හරියට හවුස් මේට් කෙනෙක් වෙන්න ඉදලා අම්මලාගෙ කීමට වෙදෙක් වුනා වගෙ සීන් එකක් තියෙන්නෙ."කොල්ලෝ..."
"ආහ්... අහ්හ්... මාමේ.."
"උඹ කතා ලියන්න පොතක් ලියන්න ආස නැද්ද?" මේ යකාටත් වේලාවකට දෝදු... මල මගුල."ඇයි මාමේ එහෙම ඇහුවේ."
"උඹ දන්නවද? ඔය මනෝ ලෝකෙ නිතරම තනියම ඉන්න ඈයෝ දක්ෂයි වෙනමම ලෝකයක් මවන්න."
"එච්චර දක්ෂ නෑ."
"එහෙම නෑ උඹලා වගෙ ඌන්ට එක කෙස් ගහක් ඉදිලා තිබ්බොත් කොණ්ඩේම ඉදවලා, ඩයි කරවලා එකට අමුතුම කැටයමුත් දාලා නිකන් අඹ ගෙඩියක් සුප්පු කරපු එකෙක් වගෙ කොණ්ඩේ හදාගන්න හිතින් හිතන්නෙ. එත් තාම ඉදුනෙ එකම එක කෙස් ගහයි." මාමා කිව්ව කිවිල්ලට මටත් හිනා නම් ගියා හැබැයි. මේ වෙද්දි මම හිතින් හිත හිත හිටියෙ දෙව් අර කෙල්ලව බැදලා ලමයෙකුත් හම්බෙලා ඌන් දෙන්නා රටත් යයි කියලා...
YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚