සිකුරුලියා...... මාව දමා යන්න ගියා......
සියුමැලියා...... සිකුරුලියා......කොමල ලියා...
බොලඳ ලියා...
මාව දමා යන්න ගියා...
සියුමැලියා...
සිකුරුලියා...
සියුමැලියා...
සිකුරුලියා...ගත සීතල පහස ලබා...
ලැම රන්වන් සුවඳ සොබා...
මුව මී රොන් ලැබුව මෙමා...
සිකුරුලියා...
මාව දමා යන්න ගියා සිකුරුලියා...ආදරයෙන් ඔබ හින්දා...
මා මනසින් දුක් වින්දා...
මුව මී රොන් ලැබුව මෙමා...
සිකුරුලියා...
මාව දමා යන්න ගියා සිකුරුලියා...නෙත ඇඳි රුව ඔබනේ සුදු...
අද ඒ නෙතු කඳුළු බිඳූ...
ආදරයෙන් මාව හැදූ...
සිකුරුලියා...
මාව දමා යන්න ගියා සිකුරුලියා...පැදුරු පාටියෙදී ඔක්කොම දැන ගත්තා මට සිංදු කියන්න කවුද මග පෑදුවේ කියලා. යසෝධාගෙ ආදරෙන් පිස්සු වැටුන පාලිතගෙ දුක... මිනිස්සු ආදරේ කියන දේ දකින විදි එක එක විදියයි. එත් මම ආදරේ දකින්නෙ මෙන්න මෙයාගෙ කෝනෙන්. දැන් මට අවුරුදු 23ක් වෙනවා. මට අවුරුදු 2දී නැති වුන ගෑණියක් මරණය දැන් අවුරුදු 21ක් වෙනවා එත් එයා හිතෙන් යසෝධාව ඇදගෙන ජිවත් වෙනවා. වගකීමකට බැදිලද නැත්තම් වෙන දෙයක්ද මම හිතන්නෙ නෑ. හැම පාරකම එයා යසෝධාගෙ බර්ත්ඩේ එකට යනවා මහරගම අපේක්ෂා එකට. ගිහින් දාන දෙනවා. ඒ එයාගෙ වයිෆ් වගෙ තව අය විදින දුක බේදාගන්න සල්ලි නැතුව, කන්න නැතුව එහෙම අය විදවනවා දකින්න එයා අකමැති නිසා. මාසෙකට එකම එක නිවාඩුවක් ගිහින් එහෙ ඉන්න මල් කැකුලු එක්ක හිනාවෙලා එනවා. මේ වගෙ මිනිහෙක් ලබන්න තරම් යසෝධා පින් කරා. එත් තව කාලයක් ඒ ආදරේ දකින්න ඒ පිංවන්ත බඩේ ලැගුම් ගත්ත මේ කරුමක්කාරයා පින් කරේ නෑ.
පින් කරාට මෙහෙම තැනක මම උපදින්න මම වගෙ අයාලෙ යන මිනිහෙක් මගෙ දෙමව්පියන් ට ගැලපෙන්නෙ නෑ. මම නිතරම හිතුවේ එහෙම. යසෝදා මැරිලත් එයා මත්තෙම ඉන්න පාලිතව දැක දැකත් මම කෙල්ලොන්ගෙන් ආතල් ගන්නවා. ඌන්ගෙ වුවමනාවට වුනත් නැතත් මමත් එතන වැරදි එක පුරුකක්. මේ ලෝකෙ මම ගොඩාක්ම වෛර කරන්නෙ කැන්සර් කියන ලෙඩෙට. ඇත්තටම ගොඩාක් ගොඩාක්....
YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚