"උඹ මොකාටද ආෂ් එන්න හදන්නෙ."
"මම මොකාට එන්නද අක්කෙ."
"උඹ වෙනස් වෙන්න පටන් අරන්"
"ඒ කියන්නෙ ඔයාට පිස්සු."
"නෑ... උඹ කවදාවත් ප්රිකටින් මිස් කරේ නෑ. එත් මට ටකා කෝල් කරලා උඹව අහනවා මේ ටිකෙම. ඒ කියන්නෙ උඹ ඌන් එක්ක නෙවේ හිටියෙ. එහෙනම් කා එක්කද?" අක්කා මගෙන් ඇහුවෙ මගෙ ඇස් දිහා එක එල්ලෙම බලාගෙන. එත් වෙනදා වගෙ මට ඒ ඇස් දිහා බලන්න බෑ. මම හොරෙක්වත්, බොරුකාරයෙක්වත්, වංචාකාරයෙක්වත් නෙවේ..."එහෙම එකක් නෑ අක්කෙ..."
"නැට්ට ගහේ... ආෂ්... ඇත්ත කියන්න මොකක්ද අවුල."මම මුකුත්ම කියන්න එඩිතර නෑ. කියන්න තියෙන හැගීම මම දන්නෙත් නෑ ඉතින් මම කොහොමද කියන්න උත්තරයක් හොයන්නෙ. එත් ඇත්ත මගෙ ඔලුව දැන් එන්න එන්නම විකාර වෙලා තියෙනවා. කමක් නෑ එත් මට හිත නිදහස් වෙන්න ඕනේ...
"මම දන්නෙ නෑ..." මම අක්කව බදාගත්තා. මම කිව්වා එක රෑකට ගෑණියෙක් ඕනේ මගෙ මේ අවුල් හැගීම් පැහැදිලි කරගන්න කියලා. ඒ අවුල් වෙලා තියෙන හැගීම් කියන්නවත් මම එඩිතර නෑ. එත් මේ මොහොතේ මට ඕනේ ඒ දේ නෙවේ. අම්මෙක් නැති මට දැන් ඕනෙ අම්මෙක් ලග සැනසෙන්න. ඒ අක්කා වෙන්න ඇති.
"දැන් එපා... කියන්න ලෑස්ති වුනාම කියන්න එහෙනම්." අක්කා මගෙ ඔලුව හරි ආදරේන් අත ගෑවා. මගෙ හැගීම් විකාරයි නේද? හේතුවක් නොදැන මේහෙම තුරුල් වෙලා අඩනවා. මේ ආදි නිසාද? නෑ වෙන්න බෑ එයා නිසා නම් වෙන්න බෑ. මේ ඔක්කොටම හේතුව එකම එක හීනයක් කියලා මම කොහොම කියන්නද?
"ඉතින් එච්චරද?" මම ඇහුවා. ටික වේලාවකට පස්සෙ.
"ආෂු... මට දැනෙන දේ මම කියන්නද?"
"මොකක්ද?"
"ආෂු ආෂ් වුනා. එත් ඔයාට එක තේරුනේ නැති තරමටම ඔයා ඒකට පුරුදු වෙලා."
"තේරුනේ නෑ..."
"ම්ම්ම් ඉක්මනින් තේරෙයි... දැන් පලයන් අර ගොන් රැල බලන් ඇති." ටිකක් ටියුබ් ලයිට්
අපි ඔක්කොම එකයි. බීච් එකෙ ඉන්න හැමඑකාම හිටියෙ දුක වෙනුවෙන් විතරයි. එත් වටෙන් පිටෙන් මේ ඉන්න පෝරිසාදයෝ ගැන මොකද? ඌන් අරගලේට ආදරේට ආවා වෙන්න බෑ. දෙව් සනීපෙන් හිටියා නේද එයාට ප්රශ්නයක් වෙන එකක් නෑනේ. ඕයිෂ් අර මැන්ටලේ එක්ක හොදින් ඇති නේද? ආයෙත් මැරයෝ යයිද දන්නෙ නෑ.. මොකක් හරි වෙයිද?

VOCÊ ESTÁ LENDO
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Não Ficçãoදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚