3-

2.9K 316 36
                                    

👿- එවිල් ආෂු
🧚- එන්ජල් ආෂු
🤐- නිකන් ආෂු

"මොන මගුලක්ද?" මම අර ඇඹේ අරූගෙ කනෙන් අයින් කරා විතරයි අරු නැගිට්ටේ නිකන් දුම්මල ගහපු හරකෙක් වගෙ. මේ මම සිංහල දන්නෙ නෑ කොප්ප ගහලා පාස් වුනේ වැරදි හොයන්න එපා.

"ඇයි මල්ලී මොකක්ද වෙන්න ඕනේ." මම සැරෙන් ඇහුවා. මම දැන් වෙනමම චරිතයක් ඉස්සල්ලා හිටිය මනෝ වත්, පිස්සෙක් වත්, කෑ කෝ පප්පාවත් දැන් නෑ. මේ ඉන්නෙ මම වෙනමම චරිතයක්.

"මුකුත් නෑ ඕක දෙන්න." ඌ නැගිටලා ඉද්දී මම නිකන් මිටි වගෙ යකෝ...

"මුකුත් නැද්ද? එත් සිනියර් ලාට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑනේ නේද?"
"මම මොකක්ද කරේ."
"මොකක්ද නොකරේ... මුලින්ම ඇඹේ ගලවලා මෙතන මිනිස්සු නැති තාලෙට ඉන්නෙ නැතුව පොඩ්ඩක් ගේමට එන්ටර් වෙයන් මල්ලි."
"ඇයි මම..." අම්මගෙ රෙද්ද..  මූ කාගෙද බං.. ප්‍රශ්නම අහන්නෙ ශුවර් මූ ගිරවා දාලා කැම්පස් ආවේ.

"ප්‍රශ්න පිට ප්‍රශ්න පිස්සෙක්ද තමුසෙ. මෙතන රැග් එක අඩු කරා කියලා වැඩිය දගලන්න එපා. කොවිඩ් නිසා උඹලා බේරුනේ." මම සද්දෙන් කිව්වා.

"සොරි... ඕක දෙන්න. මම යන්නම්" මිනිහා යන්න හැදුවා. ඉන්න සොරි කිව්වා. එත් කලින් තිබ්බ මූගෙ ගට් ඔක්කොම එක්ක. ඒකට සමාවෙන්න කිව්වා කියලා හිතන්න පුලුවන්ද?

"මම යන්නද මට ලෙක් එකක් තියෙනවා." මගෙ අතෙන් ඇඹ උදුරගන්නවා වෙනුවට මෑන්ස් අත දිග් කරා ඇඹ තියන්න කියලා. මමත් වට පිටේ සුදා ලාව නොදැක්ක නිසා  ඒක අරූගෙ අත් වලට දුන්නා නෑ දැන්මා. ඌ උඩු අතටයි අත තියන් හිටියෙ. ඒ කියන්නෙ මගෙ අත අල්ලන්න අකමැත්තෙන් වගෙ. ඉතින් ආයෙ වෙන මොනවද මමත් දුන්නා නෙවේ දැන්මා.

"ආයෙ සීනියර් ලා මොනවා හරි කිව්වොත් අහපන්. වැඩිය රගන්නෙ නැතුව." මම එහෙම කිව්වාම

"හරි" කියලා ඔලුව පාත් කරලා යන්න ගියා. ඇත්තටම අභිරහස් චරිතයක් ඒ. මාවත් හොලමන් වෙන. ඌ නොපෙනෙන්න යනකල් මම මගෙ අත දිහා බලන් හිටියා.

"ඒ කටහඩ මරු..." මටම කියවුන එකම දේ ඒක... ඒක කියලා මගෙ උඩට ගත්ත හුස්ම මම බිමට විසික් කරා. ඒ හඩ කොහොමද කියලා විස්තර කරන්න මම දන්නෙ නෑ. හැබැයි මෙහෙම කියන්නම් ගොරෑඩී වගෙම හිතුවක්කාර මුරණ්ඩු හඩක් ඒ. එයාගෙ ඇඩම් ඇපල් ගෙඩිය කියන අර උගුරු දණ්ඩ ටිකක් කැපිලා පෙනවා. ඒක මම හිතන්නෙ මට වඩා පොඩ්ඩක් ලොකුයි.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Donde viven las historias. Descúbrelo ahora