52-

1.2K 203 31
                                    

"ශෙනල් නැගිටිනවා... නැගිටිනවා... කෝ එසයිමන්ට් එක..." අම්මට එසයිමන්ට් එකකුත් දීලද? යකෝ මොකෙක්වත් මට කිව්වේ නෑනේ.

"ආ ගෙදර දාලා ආවා ටිචර්..."
"මේ මනුස්සයට පෙන්නෙ මාව ජෝක් එකක් වගෙද ලමයි." ගෑණිට නම් තද වෙලා හොදට. හැට්ටේ අවුලක්ද දන් නෑ. මේකි සාරි ඇදන් එන හැම දවසෙම මගෙ ඔලුව කන්න හදනවා.
"පිස්සුද මිස්. මමනෙ ජෝක් එක..." ගත් කටටම මම කියද්දී දසුනිට එකට නම් හිනා ගියා. තොපි මොනවා කිව්වත් දසුනි මගෙ යකෝ... බලපන් අහිංසක කම ඒ මූණ හිනා වෙද්දී කාර්ෆිල්ඩ් වගෙ.

"කියලා වැඩක් නෑ... ලබන සතියෙ එසයිමන්ට් එක නොදුන්නොත් බලාගමු."
"ඔයා ඉල්ලපු දෙයක් මම නොදි ඉන්නවද?" පොඩ්ඩක් පුටුවෙන් බර වෙලා මමත් නිකන් සෙල්ලක්කාර විදියට කිව්වේ. එහෙම කියලා තව පැයක් විතර එයා මොනවද කියලා යන්න ගියා.

"අපේ සෙට් එකෙ අභිමානෙ කන එකා බලාගනින්. යකෝ දිරච්ච එකක් බං ඒ..." ටකා ඇවිත් කියද්දී මම ඌව ගනන් ගත්තෙ නෑ.
"එහාට පලයන්..." ටකාගෙ අතත් ගසලා මම කියනකොට

"මනෝ... මොකද බං... ඒ සොරි."

"මම දැනන් හිටියෙ නෑ මම උඹගෙ සෙට් එකෙ කියලා කොහොමත්. පව් නොදි මගෙන් ඈත් වෙලා ඉදපන්." මම ඌගෙ උරහිස්සට තට්ටු දෙකක් දාලා එළියට බැස්සා. දැන් දැනෙන්නෙ ලෝකෙන්ම මම තනි වෙලා කියලා....

තාම විරාජිනි ගිහින් නෑ දෙව්ට කවනවා, පොවනවා මම ආගන්තුකයෙක් වගෙ කැන්ටිම ඉස්සරහට වෙලා බලන් ඉන්නවා.

මම දෙපැත්තෙන්ම හිතන්නම් මට විරාජිනි කොහොම කෙනෙක් වුනත් දෙව්ට එයා එයාගෙ ජිවිතේ ලගම හිටියෙ කෙනෙක්. පොඩි කාලෙ ඉදන් ලග හිටිය කෙනෙක්. එත් ඒ සාධාරණීකරණය කොච්චර දුරට මට වැදගත්ද? අන්දෙක්, ගොලුවෙක්, බීරෙක් වගෙ ඉන්න තමා තියෙන්නෙ.

"ඕයි මනෝ... මොකක්ද බං අර වුනේ." මම කැන්ටිම  ලගත් මනෝ ගගහා ඉන්නකොට කොහෙද ඉදන් ආව ටොපා මගෙ කරේ නගිනකොට මම ආයෙත් හිනාවුනා.

"උඹ නොදන්නවා වෙන්න බෑ නේද ටොපා..." දේව්ත් දේවල් දන්නවා නම් එතන එවෙලෙ හිටිය ටොපා දේවල් නොදැන ඉන්න විදියක් නෑ නේද?

"මොකක්ද දන්න දේ."
"අක්කටයි, ටකාටයි වුන දේ උඹ නොදන්නවා වෙන්න බෑ නේද?"
"දන්නවා..."
"උඹත් මට හැංගුවා."
"පිස්සුද බල්ලො. අපි දෙන්නානෙ ගේම ගැහුවේ. අර ඇටයාව අරන් ගියපු ඌන්ට.එත් ඇයි උඹ එහෙම අහන්නෙ..." ටොපා දන්නෙත් මම දන්න ටිකම තමා එහෙනම්.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Tempat cerita menjadi hidup. Temukan sekarang