ශිත කාලය ගෙවිලා වසන්තය ළඟ ලගම වෙනවා. එත් ගොඩක් වේලාවට මම තාම හිටපු කෙනාද කියන සැකේ මට ආවත් මම නිතරම ඕක අහලා දෙව්ගෙන් බැලුම් අහනවා.
"උඹ හිටපු එකා නෙවේ නම් මේක ලංකාව නෙවේ. එකම අහලා මහන්සි නැද්ද ඕයි..." මට එයා කතා කරේ එහෙමයි.යසයි පොඩි පගයා..
මම මෙතන ඉදගෙන අහස දිහා බලන් ඉන්නවා. එදා යසෝව විතරක් හෙව්ව මම අද පාලිතගෙ තරුවත් හොයනවා.
"ආෂ්..." දෙව් මගෙ ලගට ඇවිත් ඉද ගත්තා.
"නිදාගන්න දෙව් හෙට ට්‍රේනින් යන්න තියෙනවා නේද?"
"ඔයා ළඟ නෑ කියලා දැනුනා.."
"හුම්ම්ම්... මට නින්ද ගියෙ නෑ.."
"දැන් මාස ගානක්ම ගියා ආෂ්..."
"ම්ම්ම්ම්..."
"එත් තාත්තා මට කිව්වා මගෙ කොල්ලා දක්ෂයා කියලා.."
"තව මොනවද කිව්වේ..." මම දෙව් දිහා බැලුවා. අපි දෙන්නා මෙතන හිටපු හැම මොහොතක්ම මට මතකයි. මම නිතරම සතුටින් හිටියෙ මෙතන වෙන්න ඇති, මම වැඩියෙන්ම දුක් වුනේ මෙතනින්... මගෙ මතක ගබඩා වුනේ මෙතනදී... දෙව් මගෙ දිහා බලලා මගෙ කම්මුල අල්ල ගත්තා."ඔයාව බලාගන්න කියලා කිව්වා... එයාගෙ පණ මං ගාව තියලා යන්නම් කිව්වා..." දෙව් මගෙ දිහා බලන් ඉදලා හිනාවුනා... මම ඇත්තටම සිරියස් එකෙ අහන් හිටියෙ...
"මොකද හිනාවෙන්නෙ."
"උඹ දන්නවා බං උබගෙ තාත්තා උඹට එච්චර රෙස්පෙක්ට් කරන්නෙ නෑනේ.. දරුවෝ මගෙ හරක් පැටියව බලාගන්න. වැඩිය තණකොළ නොදි කියලා කිව්වේ...""හල්ක්.... මම තෝව මරන් කනවා..." මම දෙව්ගෙ මුළු මූණම අල්ලගෙන එයාව ලං කර ගත්තා... එත් වෙනදා වගෙමයි මට එයාට කිස් එකක්වත් දෙන්න හිතුනෙ නෑ... මම මූණ එහා පැත්තට කරලා ආයෙත් සේපාලිකා ගහ දිහා බලාගෙන හිටියා.
"ඇත්ත කියන්න ආෂ්... දැන් මං ගැන එහෙම හිතෙන්නෙ නැද්ද?" දෙව්ගෙ හඩ මගෙ කණ කීරි ගැහුනා. එත් නෑ මම මුකුත්ම කිව්වේ නෑ...
"ආෂ්... මම අහන්නෙ මේ මාස ගානටම උඹ මාව ඇල්ලුවේ නෑ... එදා කාර් එකෙදි මම ඉස්සර වුනත් මාව එහාට දැන්මා... මට කියපන් දැන් මං ගැන එහෙම හිතෙන් නැද්ද?"
"කොහොමද?"
"මාව ඇල්ලුවේවත් නෑ... අඩුම එකම ඇදේ නිදාගත්තා. වෙනදා ආෂ් මෙහෙම නෑ එත් දැන් හැමදේම වෙනස් ඇයි මට මෙහෙම දැනෙන්නෙ..."

STAI LEGGENDO
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Saggisticaදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚