25-

1.9K 278 39
                                    

ඒ නැති වුනෙ මගෙ ප්‍රථම ප්‍රේමය... කිසිම මිනිහෙක්ට මට වුන දේ වෙන්න එපා... මම නොදන්නවා වගෙ නෙවේ. මේ ඔක්කොම මගෙ වැරැද්ද කියලා. මම ඔලුවට අතත් තියන් මිරිකුවේ මගෙ දැන් තියෙන මේ හිස් හැගීම ගැන නොසැහෙන්න කලකිරීමක් දැනෙද්දි. ආදිට පුලුවන් වුනා මට ඔක්කොම කියලා හිත නිදහස් කරගෙන මගෙන් යන්න. එත් මට බෑ. කොහොම දැනෙයිද අවුරුදු ගානක් ඔයා ආදරේ කරපු කෙනාගෙ හිතේ හිටියෙත් ඔයා කියලා දැනගත්ත දවසෙම එයා වෙන කෙනෙක්ගෙ වුනොත් මොකක්ද එතකොට ඔයාට දැනෙන හැගීම. මට එක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මේ හැගීම් හැම එකක්ම හිස් වෙලා ගිහින්. ආදරේ වෙනුවෙන් ආදි වෙනුවෙන් මම ගොඩක් විදවලා තිබ්බා. ඒ වගෙම අද මගෙ ඇහෙන් කදුලක් රූරලා වැටුනා. එත් ඒක සැනසිලි කදුලක්ද, වේදනා කදුලක්ද, හිස් කදුලක්ද මම දන්නෙ නෑ.

"කෝ බං උඹේ කෙල්ල.." ටොපා මගෙ ලගින් ඉදගත්ත නිසාම මෝඩයා වගෙ කදුල පිහදගත්තා.

"දසුනි මේවාට එන්නෙ නෑනේ."
"දසුනි නෙවේ ආදි.."
"මොකක් තොපි cctv හයි කරලද මගෙ වටේ..."
"නෑ බං.. මේක පොඩ්ඩක් බලපන්." ටොපා ෆෝන් එක පෙන්නුවා...කැප්ෂන් එක

'අරගලේදී හමුවූ ප්‍රථම ප්‍රේමය... සුභපැතුම්.... ඔබ දෙපලට" අම්මගෙ රෙද්ද යකෝ ඕක ඇත්තටම යාලුවො දෙන්නෙක් බං... මල මගුලයි. වයිරල් වෙලා හැම තැනින්ම.

"එකි මගෙ යාලුවා. බලපන් ඉතින් මේ හෑලි කාරයොන්ගෙන් බේරෙන්නනෙ අමාරු..." දුක පැත්තකට ඔබලා මම නැගිට්ටා. යකෝ මම ෆේමස් වෙලා. ආෂු ආදී ගාලා අපි බදාගත්ත විඩියෝ සමාජ මාධ්‍ය කලබලා. අම්මොහ්... මුන් ගන්න ආතල්. මම මෙතන වැලපෙන ගමන් හිටියෙ. නිදහසෙ වැලපෙන්නවත් නෑ.

"බලපන් ඉතින්... මූන් හෑලි ලියන්නෙ මොනවා දන්නවටද කියලා."
"මොනවා වුනත් ඒ බැල්මවල් ඒ විදියටම තිබ්බා බං."

හරි ඇත්ත අපි දෙන්නම අපිට ලව් කරා. එත් බං ඔතන වුනේ එක නෙවේනෙ...

"ඒ මේක බලපන් මේක."

"ආදරේ නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ... කොහෙ ගියත් එකට යන.." එහෙම කියලා තිබ්බ කැප්ෂන් එකක් යට කමේන්ට් එකක් තිබ්බේ.

මම දන්න දෙන්නෙක් ඔය. කොල්ලා කෙල්ලට ප්‍රෝපෝස් කරා ඔතන...

මම මේකිව දන්නෙ කවදා ඉදන්ද අම්මපා මුන් නම් චරිත වෙන්න දගලන අල ගෙඩි.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now