73-

1.6K 238 49
                                        

මම දෙව්ව දැක්කා එත් එයා හිටියෙ අර ලහිරු කියන කෙනා එක්ක. බලන්න ඒ ආදරේ. ලහිරු දන්නෙ නැද්ද මම ඌගෙ කුලවත්, නැනවත් සිනියර් කියලා. ලගට ගිහින් ගහන්න හිතෙනවා අම්මටසිරි වෙන්න. යකෝ ඇලෙනවනෙ මැලියම් වගෙ... එත් බලන්න මගෙ යෝධ පැටියා... අනේ ඇස් වහක් වදින්න එපා

දෙව් ලස්සන වෙලා. අර කලර් කරපු කොණ්ඩෙත් දැන් නෝර්මල් වෙලා. හිනාව නම් මූණේ ගෙනල්ලා තියන්න වෙයි. කූල් ප්‍රින්ස් ඕකා නිතරම ඔහොමයි

🧚 එයා ඔයා ළඟ එහෙම නෑ ආෂ්...

ඔන්න ආවා ඉලව්ව. ඕකුන් කියන ඒවා අහන්නෙ නෑ මම. බනින එකෙන් තොර ලෝකයක් මුන්ට නෑනේ.

දෙව් අද පොකට් කලිසමට සමු දීලා වගෙ. එයා කෝට් එකට හරි ලස්සනයි. ඒ දිලිසෙන ඇස් මට ආදරේ කිව්වා. නෑ ඇත්තටම දිලිසෙනවා කියලා මවාගන්න වෙන්නෙ මොකද ඌ මැලවිලා... එත් කොල්ලා මොකද මේ දුකින්...

'හල්ක් අද ඔයාගෙ ලස්සන දවසක් හිනාවෙන්න මට දකින්න ඕනේ... ඔයාගෙ හිනාව... හිනාව එපා සතුටින් කියලා පෙන්නුවත් ඇති.'

මම අතේ තියාගෙන ආවේ කේක් එක වත් දෙන්න බැරි වෙයිද?

"මනෝ අයියා ඇවිත් මම බැලුවා පරක්කු ඇයි කියලා..." ඔන්න ආවා අඩු පාඩුව. ඒ මම දැක්කෙ නෑනේ ඌව කොයි වේලාවෙද අතනින් වාශ්ප වුනේ

"උඹ මොකො දෙව්ට ඇලිලා ඉන්නෙ. ලහිරු මගෙන් කනවා ඩියුටි එකට පිට ගියොත්.."
"හේයි මේ මම එහෙම නෑ... එත් කතා කරන්නෙ නැද්ද ගිහින්."
"දැන්ම බෑ... මෙන්න මේ කේක් එක දෙන්න ෆ්‍රී වේලාවක... අහන්න අද කිසිම දුකක් එන්න බෑ... අවුරුදු 4ක් උඹ මගෙ එකාව පරිස්සම් කරා වගෙ තව මාස 6කටවත් ඌව තනි කරන්න එපා..."

"අයියෙ ඌ උඹට ලව් නේද? නෑ හරි උඹත් ඌට ලව් නේද? මට අන්තිමේට කිව්වා දෙව්ව බලාගනින් ඒ මගෙ මල්ලි කියලා. මල්ලි වෙනුවෙන් මෙහෙම කරන්නෙ නෑ... ඇත්ත කියපන් මම ගල් යුගෙ නෙවේ..."
"ඔව්... අසම්මත ප්‍රේමයක්..."
"ආදරේට කොහෙද බං සම්මත, අසම්මත මගුල්..." ට යකෝ මූ... ඇච්චා වගෙ හිටියෙ මම යනකොට. දැන් එනවා මට අසම්මත උගන්නන්න... මූ දන්නවද මගෙ තාත්තාටත් වැඩිය. ඕවා කියන්න යන්න නරකයි අප්පොච්චාගෙන් සීන් ඇටුනොත්

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅حيث تعيش القصص. اكتشف الآن