කරාට කරන්න ලේසි නෑ වගෙ. එත් මොකක් හෝ දෙයක් නිසා මුන් අපිට ලේසියෙන් යන්න දෙන්නෙ ඇයි කියලා මට සැකයි. විරාජිනි ගියපු ගමන් මෙතන හිස් වුනා වගෙ. පවන් පවනක් මෙන් යන්න ගියා. මෙතන වෙන මොකක්ම හරි දෙයක් තියෙනවා.
අපි දෙන්නා දුවලා ගියා. වෙන කොතනවත් නෙවේ මේ දෙව්ව හිර කරන් හිටිය තැනමයි. මෙච්චර ෆර්ෆෙක්ට් මැරයෝ වෙලා මොකත මේ දන්න කියන තැන්ම ගන්නෙ.
"දෙව්... මෙතන මොකක්ද වෙන්නෙ."
"මුකුත් නෑ..."
"තමුසෙ පිස්සෙක්ද? මුකුත් නැතුවද ගන් එකක් ගෙනාවේ."
"ආෂ්... මම ඔයාට යටත් වෙන්න ඕනේ කියලා නියමයක් නෑ නිතරම."
"නියමයක් නැතත් එක නෙවේද වෙන්නෙ.""හොදට මතක් කරන්න කවුද යටත් වුනෙ කියලා."
"මට මතකයි ඒ ඔයා.."
"නෑ වෙන්න බෑ... තමුන්ගෙ මතකේ හිලක්."
"අරේහා කාගෙද දන්නෙ නෑ."
"මොනවා වුනත් වැඩක් නෑ දෙන්නම බීලා වෙච්ච දෙයක් විතරයි." දෙව් කිව්වා. ඔන්න ඉතින් මේකා ඕක අල්ලන් වන්නම් 24රම නටනවා."දෙව්... මම දෙයක් අහන්නද?"
"මොකක්ද?"
"නෑ දැන් මම ගොඩාක් වේලාවක ඉදන් දෙයක් මතක් කරනවා මට මතක් වෙන්නෙ නෑ."
"ඔයාට කොහොමත් සිහියක් තිබ්බේ නෑ."
"වන්නම් කීයක් තියෙනවද? ඉන්න මම 6 වසරෙ නැටුම් කරේ එත් මට මතක නෑ... නයි අඩි වන්නම තියෙනවා නේද?" මම මේ දක්වා මගෙ හිතේ ගුලි වෙලා චොප්ප වෙලා තිබ්බ ප්රශ්නේ අහලා දැන්මා."ඔයා මේකට සිරීයස් ද?"
"ඔව් ඇත්තටම..."
"ආෂ්... මුලින් ඇයි තමුසෙ සයිකැට්රිස් කෙනෙක් ගාවට නොයන්නෙ."
"ඉතින් මිනිහො මට පිස්සු නෑනේ.""හරි එක අමතක කරන්න. වන්නම් 18යි. ඒ ප්රශ්නෙ විසදුනානෙ. වෙන ප්රශ්නයක් නැද්ද මගෙන් අහන්න."
"ඉන්න තව එකක් තියෙනවා එක බැරෑරුම්"
"ආහ් අන්න හරි එක අහන්න..."
"ඇයි ෆිල්ම් වල වගෙ කකුලෙන් පිහිය අරන් අතේ ගැටේ කපන්න බැරි.""තමුසෙට තමුසෙගෙ හරක් රැල මනෝ කියන එකම වටිනවා... පිස්සා..."
"එත් ලොකුම ප්රශ්නේ මොකක්ද දන්නවද?" මම ආයෙම සීරියස් ඇහුවා. කලින් සැරවල් දෙකෙම දෙව් සිරියස් කතාව ඇහුවත් දැන් එයා එහෙම නෑ...
"අහන්න ඕනෙ නෑ..."
"මම ඔයාට ආදරේයි... මම කරපු එක දෙයක්වත් බීලා වුන දේවල් නෙවේ... ඒවා කරේ ආදරේ වෙනුවෙන්." මම එක හුස්මට කිව්වා. දැන් හිතේ තියන ලොකුම බර ඒක. මට බයයි දෙව් මාව දාලා යයි කියලා. වුන දේවල් ඔක්කොම වුනේ නොදැනුවත්වම.

ВЫ ЧИТАЕТЕ
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Документальная прозаදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚