63-

1K 193 32
                                    

ජිවිතේ සතුට තියෙන්න ඕනේ... නැත්තම් අපිටත් වෙන්නෙ මල් සිංදු කිය කියා ගස් වටේ දුවන්න. එකාතකට හැබැයි එක හොදයි මෙහෙම දුක් විදිනවට වඩා. මම දෙව්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා. නෑ මම පොඩි මිනිහෙක් මම බලාපොරොත්තු වෙන්න ඇති මීට වඩා අඩුවෙන්. කොච්චර මම අත දිගැරලා වියදම් කරත් මම ඒවා කරේ තාත්තාගෙ සල්ලි වලින්. එත් දැන් හැමදේම වෙනස් වුනා වගෙ දැනෙනවා.

"ආෂ් මේ වනීශ්... වනීශ් මේ ආක්ෂු. මගෙ හොදම යාලුවා." දෙව් මාව එහෙම තමයි එයාගෙ යාලුවාට introduce කරලා දුන්නෙ. යාලුවා මම එක කිව්ව ගමන් දෙව්ගෙ මූණ බැලුවා. එයා බලන් හිටියෙ වනිශ් දිහා.

"නයිස් ටූ මීට් ටූ... එත් දෙව් මෙයා හොදම යාලුවා නම් මම ඔයාගෙ කවුද?"
"අයියෝ අයියෙ..."
"මේ මේ ඉස්සර කිව්වේ මගෙ එකම යාලුවා ඔයා කියලා නේද?" මම දෙන්නා දිහා බලන් හිටියා. මට වැරදිලා අයියා කියන කෙනා දැන් කෙනාට කට පුරා අයියා කියනවා, ඇගෙ ඇලෙනවා, හිනා වෙනවා. මම සීතලයි කියලා කියපු කොල්ලා දැන් ඉන්නෙ නිකන් බබෙක් ගානට. ඉන්න මම කියන් නෑ මම ඉරිසියයි කියලා. මම මේ වෙනස්කමට බයයි. දෙව්ව නැති කරගන්න මම බයයි.

"මේ හොටෙල් එක ඔයාගෙද?" මම දෙන්නා මැද්දෙන් පැන්නා.

"මගෙ නම් තමයි එත් මේ ඔක්කොම දෙව්ගෙත් තමයි."
"මේකෙ ශේයාස් තියෙනවද දෙව්ට."
"නෑ මම දෙව්ගෙනෙ... ඉතින් කොහොමත් මගෙ එවා එයාගෙ" අරූ උස, කලු තඩි හාදයෙක්. ජිම් යන පොරක් වෙන්න ඕනේ. මම මේ හැගීමට වෛර කරනවා. ආෂ් මෙතනින් ඉක්මනින් පලයන්කො හුස්ම ගන්න අමාරුයි. එත් හොදට බැලුවොත් ඌගෙ ස්ටයිල් ඔක්කොම දෙව්ට සමානයි. අග ඉදන් මුලට බැලුවත්, මුල ඉදන් අගට බැලුවත් ඔක්කොම.

"මල්ලි නිකන් මෙතනට කැමති නෑ වගෙනෙ." වනීෂ් ද? වාර්නිශ් ද කියන එකා අහනකොට.

"තොටම කැමති නෑ බං මං..." තඩි අඩියක් අරුගෙ කනට ගහලා දෙව්වත් ඇදන් ආවා. දෙව් අඩනවා අනේ ආෂ් මෙහෙම වෙන්න එපා කියලා.

"මල්ලි... ඔයා හොදින්ද?" ඉන්න මම කලින් මනෝ පාරක් ගහලා තියෙන්නෙ. මට කියාගන්න ඕනේ වුනාට මම කියලා නෑ වගෙ.

"හොදින් අයියෙ අවුලක් නෑ. මට කෝල් එකක් ගන්න ඕනේ..." මම ඒ දෙන්නව තනියම තියලා පොඩ්ඩක් එලියෙ ලෝන්ජ් එකට ආවා. මට මොකක්ද මේ දැනෙන හැගීම. කවදාවත් විරාජිනි ළඟ දෙව් හිටියත් මෙච්චර මෙහෙම වෙලා තිබ්බෙ නෑ. අවිනිශ්චිතයි වගෙ. පැනලා දුවන්න හිතෙන ලැජ්ජාවක් එක්ක බයක්. ෆෝන් එකෙ ස්ක්‍රීන් එක ටච් කර කර මම මගෙ හැගීම් එක්ක තර්ක කරනවා. මේ දේ මෙහෙම නොවෙන්න තිබ්බා. මට මේ ගමන නොඑන්න තිබ්බා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now