උදේත් ඉන්න හිත හදාගෙන මම හිටියට මට හරිම මහන්සි. මම කෙට්ටු කැහැටු නිසා මට තාත්තාව හරවන වැඩත් අමාරුයි. එයාට හරියට මුකුත්ම කර ගන්න බෑ. එත් එයා ඒකට කැමතිත් නෑ. එයාට ඕනේ තනියම වැඩ කරගන්න.
"ආෂු... දැන් යන්න ගෙදර මට ඉන්න පුලුවන්..." අඩ නින්දේ හිටිය මගෙ ඇස් හෙමීට ඇරෙන්න වුනේ පුරුදු කට හඩක් වුනත් කවුද කියලා මතක නැති නිසා. එත් මම හෙමින් හෙමින් ඇස් අරිනකොට මම දැක්කෙ දෙව්ව...
"ආහ්... ඇයි ආවේ.."
"ඔයා ගෙදර යන්න. 12ට එන්න. මට උදේ ලෙක් නෑ."
"ඔයා එපා මම කරගන්නම්." තාත්තාට මුත්රා බට දාලා තිබ්බෙ. මැන මැන අයින් කරන්නයි තිබ්බේ. එත් මම හිතන්නෙ ටයිම් මිස් වුනා. මම නැගිටලා ලහි ලහියෙම එවා අස් කරන්න යන්න හදද්දී දෙව් ඒවා කරලා. මම එයා දිහා බැලුවා. නර්ස් ගෙන් උණු වතුරත් ඉල්ලන් එයා ඇගම හෝදලා වගෙ තෙත මාත්තු කරලා කොණ්ඩේත් ලස්සනට පීරලා."ඇයි... මම කිව්වනෙ එපා කියලා."
"දැන් වත් ඔය විකාරේ නවත්තන්න මේ තාත්තා ලොකු කම් පෙන්නන්න වේලාවක් නෙවේ.." එයාගෙ තද වචන මාව ගස්සනකොට මම ආයෙත් එයා දිහා බැලුවා.
"ගෙදරට ගිහින් නිදාගන්න පිලිස්.... 12ට එන්න...." එයාගෙ කීම හරි නිසා මම නැගිට්ටා.
"ෆෝන් එක දෙන්න." එයා දිග් කරපු ෆෝන් එකෙන් මම මගෙ නම්බර් එක ඩයල් කරගෙන එයාට ආයෙ ෆෝන් එක දුන්නා.
"මොකක් හරි වුනොත් කතා කරන්න. ඔයාගෙ බිල් එකත් මම ඉක්මනින් බේරනවා." මම එහෙම කියද්දී එයා මගෙ අත අල්ල ගත්තා.
"හොදට නිදාගන්න." මම කියන දේට නෙවේ මූ උත්තර දෙන්නෙ.
"බස් එකෙ නොයා කැබ් එකක යන්න..." එයා කියනවා ඇහුනත් මම පිටිපස්සවත් බලන්න මහන්සි වුනේ නෑ.
"අඩුම...එයා මාව සනසනකල් මම බලන් හිටියා..." මම මටම කියා ගත්තා
මට වෙනදට නොඑන මහන්සියක් තියෙන නිසා මම නිදාගත්තා හොස්පිටල් ගද ගහන බෙහෙත් එක්ක ඔට්ටු වෙලා මම ඇගවත් හෝදන්නෙ නැතිව නිදාගත්තා.
"හුටා... මට අමතක වුනා... මම හොස්පිටල් යන්න ඕනේ. ආයිෂ් 2යි වේලාව." අර යකා මැරෙන්න හදනවා ඇති. සට පට ගාලා නා ගෙන මම හොස්පිටල් එකට ගියෙ කන්න කෑම එකක් කඩෙන් අරගෙන කකා ඉන්නවත් වේලාවක් තිබ්බේ නෑ... ඉතින් ගිහින්ම කනවා. ෆෝන් එක බලද්දී මිස් කෝල්ස් 10ක් අන්නොව් නම්බර් එකකින්.
YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚