13-

2K 277 53
                                    

"මේ පාර විනෝද් පරදිනවා" ඉස්සර විනෝද්ගෙ ලස්සනට පිස්සු වැටුන ඌන් දැන් විනෝද්ව ගූ ගොඩකට ඇදලා දාලා. ඇති දා ගෝනි නැති දා සීනි කියන්නෙ ඕන්න ඕකටයි. එත් බලන්න අර කලු සුදු මිශ්‍රණය... එයා ගොඩාක් ලස්සනයි. අත් ගොබ ඉස්සරහට නෙරලා ෆැලැට් බඩ නිසා එයාගෙ සික්ස් පැක් එකක් අනිවා ඇති කියලා හිතෙනවා. ඒ කොටු මූණට අර ඉන්දියන් කිට් එක මාරම ලුකින්. සුදු සරමයි, සුදු පාට කෝට් එකට කළු සලුව දාලා එයා මාරම හැන්ඩ්. කහ පාට එයාගෙ හමට කලුම කලු කොණ්ඩෙන් ආව ගැම්ම අම්මොහ් මගෙ දුප්පත් හිත..  එත්,

👿- ආෂු... නැගිටින්න... ඒ උඹේ හතුරා.
🧚- ආෂු කා ගැනවත් ඔච්චර වර්ණනා කරනවා මම දැකලා නෑනේ...
👿- මූටත් තමුසෙගෙ ලෙඩෙ බෝ වෙලා.
🧚- අනේ එවිල් මේ කට පියන් ඉන්නවා.

මුන් දෙන්නා ගෑණි මිනිහයි වගෙ ඇර ගන්නවා. ඔන්න ඔහෙ ඕනෙ මගුලක් කියලා මමත් ඕකුන්ට මුකුත් කියන්න යන්නෙ නෑ. ඕනෙ රෙද්දක් කරගන්න ඇතැ...

"අරූව මම දැලේ දාගන්නවා ඕයි. මල්ලි කෙනෙක් කියන මගුල අමතක කරලා." අපිටත් සිනියර් වෙන මල්කි අක්කා එකිගෙ යාලුවෙක්ට කියද්දි මම බැලුවේ දෙව් දිහා. මිනිහා අද වෙනදට වඩා ලස්සන නෑ කියලා හිතන එකම කෙනා මම වෙන්න පුලුවන්. මම ආසම අර නෝර්මල් කිටට. මට හැන්ඩි ඒ විදිය. කනේ එල්ලෙන සුදු earbuds දෙක. ඔහොම ජෙල් ගාලා හදන්නෙ නැති කඩාහැලෙන නිතරම අතින් හදන කෝණ්ඩේ, ඇගට ෆිට් නැතත් අතට විතරක් ෆිට් වෙච්ච ඒ ෂර්ට් එක. මම ආසම එයා දාන ඇඩිඩාස් බෑග් එකත් එක්ක දුරින් එනවා බලන්න. එක එක පාටින් ඇදන් එන පොකට් කලිසමට පෙන්න ඕනෙ පිරිමි කම මට උතුරන්න පෙනවා. ඉතින් මට ලස්සන දෙව් ඉන්නෙ එහෙම. එත් මෙච්චර පිලිවෙලකට එයාව දකිද්දි මොකක්ද නොහිතෙන බරක් හිතට එනවා. මම කැමති නෑ ඒ හැගීමට. අනික මෙහෙම කෙල්ලෝ කියනවා ඇහෙද්දි මට සතුටුයි ඒත් ඒ එයා ලස්සනයි කියනවට විතරයි. මල්කි වගෙ ඌ එක්ක බුදිය ගන්න යන්න හදන්න වගෙ කතා කියනවට මම ආස නෑ.

🧚- ඉතින් ආෂු ඒ දේ ඔයාට වැඩක්ම නෑනේ...
🤐- මොන දේද?
🧚- දෙව් එක්ක කවුරු කොහොම මොනවා කිව්වත් එක ඔයාට අදාල නෑ... ඇයි ආස නැත්තෙ.
🤐- නැති නිසා ඉතින්.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now