"ආෂ්... බියර් එකක් බොමු"
"මම මධ්‍යසාරයෙන් තොරයි."ටොපාට එන්න ඇයි මෙච්චර වෙලා යන්නෙ. ඌ හරි නම් සිය පාරක් මෙතනට එන්න වේලා ගියානෙ.
"එහෙනම් බීලා අහුවෙන්නත් එපා..."
"මාව කන්ට්‍රෝල් කරන්න ඔයා කවුද?"
"හොදම යාලුවා."
"හොදම යාලුවෝ දාලා යන්නෙ නෑ... ඇබයෝ..."
"මම දාලා ගියෙ නෑ හඩ්ඩො."
"අනේ මේ ඉදාම් පැත්තකට වෙලා."මට අවිශ්වාසයක් තිබ්බා විරාජිනිගෙ තාත්තා ගැන දෙව්ට කියන්න බයක් තිබ්බා. මම සාධාරණයි මට. කොහොමත් අනික් ඌන් මාව මනින ටේප් එක දැන් මට වැඩක් නෑ... මම මිනුම් තියන්නෙ දසුනිගෙ මීටර් කෝදුවෙන්.
"ආෂු... ආ...." ටොපා හුස්මත් හිර කරන් ඇවිත් හොල්මනක් දැක්කා වගෙ බය වෙලා.. හොල්මනක් නේන්නම් එහා පැත්තෙ ඉදන් ඉන්නෙ...
"ඔන්න ආවා ගෝත රැල..."
"මේ ලෝ ඇටයා වැඩිමල් අයට ගරු කරන්න දන්නෙ නෑ ආෂු." ටොපාගෙ වචන වල තිබ්බේ කේන්තිය. මම ටොපා ගැන කලින් කිව්වා නේද? එයා නිතිගරුක මිනිහෙක්. තාත්තා කරන ආත භූත වැඩ පෙන්නන්නම බැරුව මිනිහා ඉන්න නිසා අසාධාරණයක් පෙන්න බෑ ඕකට. ඒ වගෙම කාගෙවත් හිතක් රිද්දන්න බය මනුස්සයෙක්. කේන්ති නම් යන්නෙම නැති තරම්. උස, කලු හාදයෙක් කලු වුනාට දොදෝල් රස නිසාමත් ගෑණු මූගෙ පස්සෙන් එනවා. ආ තව ඌන්ගෙ එසයිමන්ට් කරගන්න ඕනේ වුනාමත් එනවා. මොකද මූ බැජ් ටොපා වුනේ විහිලුවකට නෙවේ... මගෙ ෆේවරිට් මූ.... මට වෙන්න ඕනේ මෙන්න මේ චරිතේ එත් මම වුනෙ මෙහෙම මනෝ චරිතේ"ඇති ඇති... ලෝ ඇටයා ගැන අහන්න ගිහින් මූ මනෝ ලෝකෙ හිර වෙලා."
"තොට මෙච්චර වෙලා ගියෙ පොල් ගෑවද?"
"දසුනිට මාට්ටු..." අනේ ඉතින් මගෙ කෙල්ල..."හරි හරි මගෙ මැණිකට අහුවෙලා යහතින් ආව එකම මැදැයි."
"ඕක නවත්තපන්. අනික මනෝ මම කැමති නෑ උඹ මූ එක්ක කල්ලි ගැහෙනවට." ටොපා කියද්දී දෙව් මගෙ දිහත් බලලා ඌගෙ දිහත් බැලුවා. මම හුනා කිව්වා වගෙ කියන්නම් දෙව් මේක ලේසියෙන් යන්න අරින්නෙ නෑ."මාත් කැමති නෑ ඉතින් මූත් එක්ක කල්ලි ගැහෙන්න." මමත් කිව්වේ අව්ස්සලා පොඩි ආතල් එකක් ගන්න.
"ආෂ්... මගෙන් කුණුහර්ප අහගන්න එපා."
"උඹ තාම උඹේ වයස නොදැනද කතා කරන්නෙ." ටොපා ආයෙත් මගෙ ඉස්සරහට ආවා. ඒ එක්කම ඌ දෙව්ගෙ අත මගෙන් ගලවන්න හදනකොට අරු තවත් මගෙ අත තද කරනවා.

ВИ ЧИТАЄТЕ
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Щоденники та біографіїදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚