45-

1.3K 209 35
                                    

"ආෂ් වතුර තියෙනවද?"
"නෑ ඉවර වුනානෙ... කඩෙන් එකක් ගමු." අපි දැන් ඉන්නෙ හැටන් පාරට හැරෙන තැන.

"ආෂ් තව කිලෝ මීටයක්ම යන්න ඕනේ කඩයක් හම්බෙන්න."
"ඉතින් මට කෑ ගහන්නෙ. තමුසෙනෙ ඔටුවෙක් වගෙ ඔක්කොම වතුර බීලා ඉවර කරේ."
"ඉවර කරාට මට දැන් වතුර ඕනෙ." මම නිකමට බැලුවේ අර කාණුවේ ගලන වතුර දීහා.

"නෑ ආෂ් ඔය දේ හිතන එක නවත්තන්න..."
"එත් වතුරනෙ..."
"සුමන සමන් දෙවියනේ මට සමාවෙන්න මම වවැරැද්දක් කරන්න යන්නෙ."
"හේයි ඉන්න මොකක්ද වැරැද්ද"
"මෙන්න මේක."

මේ බූරුවා මගෙ කන හැපුවා... යකෝ මූව මරලත් මදි... මමද බල්ලා මූද බල්ලා.. මේවට රිටන් මම දෙන්නම්කො තව පස්සෙ.
"මේ කරපුවට රිටන් එනකල් මම බලන් ඉන්නම්. ගනු නම් දෙනු ඕනෙමනෙ.."
"හල්ක්..."
"අල්ලන්න..." වෙනදට කේන්ති ගියාට අද මට කේන්ති නෑ හැපුවට.

මම අහස දිහා බැලුවා. මල් පොදයක් වැටෙන්නෙ. මම ආදරේයි එකට.

"රිටන් දෙන් නෑ.. ඉන්නවා එකට යමු. කලින් ගිහින් හති හදාගන්නෙ නැතුව."  මම දිව්වේ  දෙව් අල්ලගන්න. පොඩි ඌන් පරාදයි.

"මට දැන් නම් හොදටම තිබහයි ආෂ්..."
"තව දුරක් නැතුව ඇති. දුවලා ගිහින් මම අරන් එන්නද?"
"අනේ..  මට තිබහයි"

"ඉන්නම බැරිද?"
"පෙන්නෙ නැද්ද ආෂ් තොල කට වේලිලා."
"එහෙනම්..."

ඇත්තටම මට හිතාගන්න බැරි වුනා. පොඩි එකෙක් වතුර ඉල්ලනවා වගෙ අඩනවා. මගෙ අත එයාගෙ බෙල්ල වටේ එතෙනවා කියන්න මට තේරුන් නෑ.. මේ පාර පාළු නිසා එහෙමට කවුරුත් නෑ. මම මේ දේ කරනවද නැද්ද? මම ආයෙත් මගෙ හිතින් ඇහුවා.. ආයෙ ආයෙත් අහනවා.

"මගුල මනෝ ගහන එක නවත්තපන් බං." මම කල්පනා කරන එක නවත්තලා එයා දිහා බලන්නත් කලින් ක්ෂනිකව දෙව් මගෙ තොල් අල්ල ගත්තා. ඉන්න මම තාම කල්පනා කරනවා. එයා ඉක්මන් වුනත් එයා කිස් කරනන්වත් දන්නෙ නෑ වගෙ. මම එයාගෙ තොල් දෙක තෙත මාත්තු කරා. එයාගෙ තොල් වෙන් කෙරුන වේලාවේ මම එයාගෙ ඇතුලට ගියා. මගෙ දිව එයා එක්ක රණ්ඩු කරනකොට පොඩි ආසාවක් ආවා ගනු නම් දෙනු තියෙන්න ඕනේ කියන එක. ඉතින් මම ඒ දිව හැපුවා... මට එයාගෙන් ඈත් වෙන්න ඕනේ වුනේ නැති නිසාම එයාට රිදුනත් තද කරලා අල්ල ගත්තා. හුස්ම ගන්න අමාරුයි වගෙ නිසා මම පොඩ්ඩක් ඈත් කරත් ලොකු හුස්මක් ගත්ත දෙව් ආයෙත් මගෙ තොල් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. ඉන්න මේක පොදු තැනක්. මොකෙක් හරි දැක්කොත් වසලා හමාරයි. දෙව් දැන්ම නවත්තන පාටක් නැති නිසාම මම එයාගෙ පපුවෙන් අල්ලලා එහාට කරා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Donde viven las historias. Descúbrelo ahora