54-

1.8K 248 75
                                    

"මම යනවා ආෂ්... සදරු නැගිටින්න කලින්... කෑම හදලා තියෙන්නෙ දෙන්නටම. උදේ ලෙක් මට." මට මැසෙජ් එකකුත් දාලා දෙව් යන්න ගිහින්. එයාගෙ ටයිම් ටේබල් එකත් මන් ගාව තියෙන නිසා අවුලක් නෑ හැබැයි. කොල්ලා බොරු කිව්වේ නෑ.

"උඹ දැන්ද නැගිට්ටේ. එතකොට කවුද මේවා හැදුවේ." හදපු එකා කවුද කියලාවත් දන්නෙ නැතුව කිඹුලා ගල් බනිස් ගිලිනවා වගෙ කනවා. දෙව් තරහට ඕකට වහා දාල දුන්නත් ඔච්චරයි. හැබැයි මිනිහා එහෙම එකෙක්.

"මගෙ වයිෆි හදලා දීලා ගියෙ බං." ඇගට පතට නොදැනෙන්න මම කිව්වාම අන්න අරුට කැස්ස. මූ හිර වෙලාම මැරෙයි වගෙ.

"අඩෝ... සිරාවට."
"ඔව් බං... සිරාවට... මගෙ වයිෆිගෙ ප්‍රශ්න තමයි මේ විසදන්න දගලන්නෙ."
"ඒ උඹ අර කණ්නාඩි තඩියට සෙට් වුනේ කවදද?" ටකා ජෝක් එකට හරි මාව දෙව්ට ජෝඩු කරත් ටොපා එහෙම කරේ නෑ.

"එත් බං උයන්න කියලා දීපන් උඹේ ගෑණිට. බලපම් කර වෙන්න පැස්ටා එක." අපෝ කට තිබ්බට ඕකට උයන්න බැරිද? මම මගෙ කෑම එක ඇරියා. ඒක එහෙම නෑ ලස්සනට සුදුවට තියෙනවා. ටොපාගෙ එක පොඩ්ඩක් කලු වෙලා. දෙව් පලිගන්නෙ වෙනමම විදියකට. ඇයි ඔක්කොම අසාධාරණ මේ ටොපාටම

"පිස්සුද බල්ලො මමයි හදලා නිදාගත්තේ වේලාව තිබ්බ නිසා."
"හැබැයි මනෝ උයන්න ඉගෙන ගනින්. පිංසිද්ද වෙයි. ලුනුත් නෑ බං රෙද්ද..." ඒ මගෙ එකෙ ඔක්කොම ගානට බං. බලන්න මේ පව්කාරයාට තියෙන ආදරේ.
"හරි හරි. උඹ මොනවද බොන්නෙ."
"ආ මම කිරි එකක් හදලා වහලා ඇති බීපන්." හැබැයි මෙහෙමයි මෙහෙම සාධාරණ කොල්ලෙක් කියලා දන්නවා නම් දෙව් නැතත් ටොපා මරු ඕයි. සැක් අරුගෙ කිසි සාධාරණයක් නෑ වක්කඩේ වගෙ ඇරගත්ත ගමන්නෙ.

"ඉතින් අපි මැන්ටිස් එකට යනවද? 9ට ඌ ඕෆ් හැබැයි. නැත්තම් අපි ඌගෙ බෝඩිමට යමුද?"
"පොඩ්ඩක් ඉදපන්. ඌගෙ අලුත් බෝඩිම කොහෙද කියලා උඹ දන්නෙ කොහොමද?"
"ඇයි බං උඹට මම කිව්වේ."
"මේ මේ ටොපා මට නිකන් කොලේ වහන්න එපා. උඹ එහෙම දෙයක් මට කිව්වේ නෑ."
"මොංගල් කතා නොකිය ඉදපම් බල්ලො... යමන් බෝඩිමට."

අපි දෙන්නා කාලා කියලා ගරාජ් හංදියෙ තිබ්බ මලිත්ගෙ බෝඩිමට ආවා.

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Donde viven las historias. Descúbrelo ahora