43-

1.8K 248 45
                                    

ටොපාට නිදාගන්න ඕනේ නිසා ඌ නංගිව පිටිපස්සෙ තියලා ඉස්සරහා සීට් එකට මාරු වුනා. නංගි ජනේල්ලෙ ගාවට ගියාම මමත් ඉතින් එකි ලගට මාරු වුනා. ටකාගෙ උරහිස්සට ඔලුව තියන් නිදන් ඉන්නවා. ඒ සීන් එක දැක්කාම මටත් හිතුනා අනේ ලව් එකක් තිබ්බා නම් 🥲 වැඩක් වෙන්නෙ නෑ දැන් ලව් එකක් නෑනේ... දෙව් දිහා ඇත්තටම මම බලන්න ගියෙ නෑ. මොකටද වැඩක් නෑ. හිත ආයෙ මුල ඉදන්ම රිදෙනවා විතරනෙ.

"මොකද යකුනේ ට්‍රිප් එකක් යන්නෙ. තොපි නිකන් නිදාගන්නෙ හත් දවසක් නිදි මරලා වගෙනෙ." සෙමයාගෙ කට ඉස්සර වෙද්දී.

"කට කට... කට වැරදුනොත් මේ ගමන යන්න බෑ.." අපේ තාත්තා දැන් හුස්ම ගත්තත් කට කට කියන ගමන් ඉන්නෙ. අනේමන්දා අහෝ දුකකි, තිතකි, ඊරකි. මම සතියකින් මස්, මාලු කාලා නෑ.. පේවෙනවා දාහෙන. එහෙව් දුකක් හාර්ට් ඩිස්ක් එකෙ ප්ලේ වෙන්නෙ.

"ඕ පටන් යනින්... අද නාඩගමේ මම රජාට අදිනවා..." මමත් කෑ ගහලා කිව්වා.

"නෑ තෝ ගොනාට අදින්නෙ ගොනාට..." ටොපා කෑ ගහද්දී නංගිත් හිනාවෙනවා.

"මම ගොනාට ඇන්දත් මීටර් එකෙන් ඉන්නෙ"
"අනේ ඉතින් උඹෙයි මගෙයි මීටරේ." 
කට්ටියම නිදන් ඉද්දි අපි දෙන්නා විතරක් ඇක්ටිව් වෙලා මොකටද මැණික. මමත් ඔන්න ඔහෙ ඇස් පියා ගත්තා.

නංගිගෙ ඔලුව දෙතුන් පාරක්ම හැඩල් එකෙ වැදුනා. දැන් නම් කෙල්ලගෙ ඔලුව ගෙඩිත් ගැහෙනවා. ඉතින් මම ඒ ඔලුව මගෙ උරහිස්සට සෙට් කරා. එහෙම බලු අයිඩියා එකක් නෙවේ මට ඕනේ වුනේ එයාගෙ ඔලුව වදින එක නවත්ත ගන්න. මටත් එහෙන්මම නින්ද ගියා.

පල්ලම් නැග නැග
කදු ගැට බැස බැස....
බස් එකක් එනවා...

යකෝ මූට කවුද ලයිසන් දුන්නෙ ඇස් පියාගත්තා විතරයි මාවත් බම්ෆ් වෙනවා. මූ සීට් වෙනුවට මේකෙ ස්ප්‍රීන් මෙට්ට දාලා කියලා හිතුවද දන්නෙ නෑ... යකෝ මට විතරයි ඇහැරුනේ අරකි මගෙ උරහිසත් බදු අරන් හොදට නිදි... කාගෙ ලමයිද මේ...

"පෙම් පත ඉරන්න එපා පාලිත....
අකුරට ආ දා ඇගෙ සිත බැදුනී....
ආදි අත්තරින්න මට දුක හිතුනි...
මට කියාදෙන්න යසෝනෙ වැරදී...."

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Donde viven las historias. Descúbrelo ahora