31-

1.8K 256 37
                                    

මගෙ මූණට වතුර ටිකක් වැටෙනකොට මම දැක්කෙ අක්කගෙ මූණ. මම හෙව්වේ දෙව්ව. එත් ඌ යකෙක් වගෙ ඔක්කොටම ගහනවා. මොකෙක් හරි වැහිලා වගෙ. මහසෝනාද දන්නෙ නෑ... යකෝ දැන් ඇගට පණක් නැතුව නේද හිටියෙ.

"දෙව්...." මගෙ එක පොඩි දෙකින් එයා මගෙ පැත්ත හැරුනා. අර දරුණු මූණ නහර පිපිච්ච, ඇස් රතු වෙච්ච මූණ පුරා රතු පාට ලේ...

"අපි ගෙදර යමු..." මට මතකයක් තිබ්බේ නෑ මෙතන යාලුවෝ ඉන්නවද කියලාවත්. මම දෙව්ට එහෙම කියද්දී එයා මා ගාවට ආවා. අක්කගෙ ඔඩොක්කුවේ තිබ්බ ඔලුව එයාගෙ පැත්තට තියලා එයා මගෙ දිහා බැලුවේ අර අරුණු ඇස් වලින් නෙවේ අහිංසක ඇස් වලින්. අනේ එකට ආදරේ හිතෙනවා.

"ඉක්මනින් මෙතනින් මාරු වෙමු බං. තව ඌන් එන්න කලින්." අපේ ඌන් කියද්දී මම නැගිටින්න බැලුවා. එත් මට බෑ.. ඇයි ඒ...

"මම එයාව ගන්නම්." ටකා ලගට එනකොට දෙව් කිව්වා.

"උඹටත් අමාරුයි මල්ලි. කොහොමද මූව ගන්නෙ."
"කමක් නෑ... මමම ගෙනියන්නම්."
"පණ්ඩිත වෙන්න එපා... ම..."

"මම කිව්වා එයාව මම ගන්නම්... අක්කෙ කාර් එකට යන්න." අරු මාව උස්ස ගත්තා. ඒ මට නැගිටින්න බෑ වගෙනෙ... ඇයි ඒ... මට මුකුත් දැනෙන්නෙවත් නෑ.. එත් මට නැගිටින්න බෑනෙ.

මම දෙව්ගෙ බෙල්ල වටේට අත දාගෙන එයාගෙ බෙල්ලෙ මූණ ඔබා ගත්තා. ඇත්තටම මට ඇඩුනා ඕයි. ෂික්... මොන කලකිරීමක්ද?

"ඔයා හොදින්... මම බලාගන්නම් ඔක්කොම." දෙව් එහෙම කියලා මාව කාර් එකට දැන්මාම එයා පිටිපස්සෙන් ඉද ගත්තා. අක්කා කා එක ගෙනිච්චේ හොස්පිටල් එකට. දැන් මෙහෙම ගියාම දහසකුත් ප්‍රශ්න අහනවා. එපා වෙන්නම.

"පොඩි රණ්ඩුවක් වුනා යාලුවෝ එක්ක..." මගෙ කටේම තිබ්බ එකම උත්තරේ ඒක. දෙව්ට අවුල් කියලා හිතුවට ඌට වඩා බලන් යද්දී මට අවුල්... ඕක තමා කියන්නෙ වැඩ්ඩා වගෙ ගිහින් නෝන්ඩියා වගෙ ටොලියට නගිනවා කියලා. හී හී කලින් මම ආවේගෙට මොනවා හරි කියලා තිබ්බා නම් ඒවා අමතක කරන්න. හී....

"ගොඩාක් රිදෙනවද?" දෙව් මගෙන් අහනකොට නිර්මනි අක්කා අපි දිහා සත්තු දෙන්නෙක් වගෙ බලන් ඉන්නවා.
"මොකද බං නිකන්... උඹට පෙන්නෙ නැද්ද මගෙන් ලේ බේරෙනවා."
"ලේ පේරුනට මහා සෝන්නුට රිදෙන්නෙ නෑනේ..."
"දැන් තෝ කියන්නෙ මම මහා සෝනා."
"ආ නෑනේ... බෙරව නයා... මම අදු කොළනෙ."
"ඔව් තමුසෙට තේරුනා."
"අපරාදේ මොකෙක්ටවත් බැරි වෙලා දතක් බඩට යවන්න."
"තමුසෙ කොහොමත් බලන් ඉන්නෙ මගෙ දත් නැති වෙනකල්නෙ."
"ඔව් නැතුව තිබ්බා කියලා වැඩකුත් නෑනේ."
"තමුසෙව බේරගත්තෙ මම."
"මම නම් දැක්කෙ අක්කා තමයි අර හිපාටුවෝන්ටත් කලින් ආවේ. තමුසෙත් එක පාරෙන් බඩ ගෑවානෙ."
"නම්බු දෙනවා... මම වැඩිමල්..."

👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅Where stories live. Discover now