මට මගෙම හැගීම් පිළිගන්න බෑ. උදේම නැගිටිද්දි රෙදි හැමතැනම මම මේ දකින්නෙ බයානක හීනයක් වගෙ මට දැනෙනවා.. මම මොකක්ද මේ කරේ මොකටද මේ මග පෑදුවේ තාම තේරුමක් නෑ. කොහොමත් මම නොදන්නවා නෙවේ මෙතන වැරදි කාරයා මම කියලා.
"ආෂ්..." දෙව්ගෙ හීන් කෙදිරිල්ල ඊයෙ රෑ මිහිරිවට ඇහුන එක ආයෙ ආයෙ මතක් වෙනවා. අනේ මම මොකක්ද මේ කරගත්තෙ මම කොහොමද මේක දැන් බේරගන්නෙ. දෙව් මගෙ මූණවත් බලන එකක් නෑ කියන බය මට.
"ආෂ්..." තාමත් ඇගෙ ඇදුමක් නැතුව මට ගුලි වෙන්න හදන දේව් නැගිටි කියන බයටම මම ඇස් පියා ගත්තා. මම හිතාගත්තා මුලු කාලෙම මුකුත් වුනේ නෑ වගෙ නිදාගන්න. එත් නිකන් හරි මේක අමතක කරලා මේකෙන් දෙව් පැනලා යන්න ගියොත් ඒ කියන්නෙ එයාට මන් ගැන කැමැත්තක් නෑ. එයා මේකට මූණ දුන්නොත් එයා මාව බාර ගන්න කැමති.
"ආෂ්... සීතලයි..."දෙව් ඇදෙන් නැගිටිනවා මට දැනුනා. අල්ලගෙනම හිටිය ඇස් පොඩ්ඩක්වත් හොලවන්නෙ නැතුව මගෙ හුස්මත් හිරකරන් වගෙ මම හිටියෙ. එත් එයා ඇදෙන් බහිනවා දැනුනා...පැය බාගයක් යද්දී මමත් මුකුත් දන්නෙ නෑ වගෙ නැගිටලා බලද්දි දෙව් හිටියෙ නෑ... මම හරි නම් දෙව් දැන් මේ මගෙන් පැනලා යන්න ඕනෙ නෑ.. එත් එයා ගියා එ කියන්නෙ මේක වෙන්නම ඕනෙ නැති දෙයක්.
නැගිටලත් පැයක්, දෙකක් යනකල් මම කාමරේ අස් කරා. ඊයෙ වුන වැරැද්දක් නිසා මගෙ එලාම් ඔරලෝසුවත් බිම වැටිලා කැඩිලා තිබ්බෙ. දැන් ඒක ගන්න වෙනමම ගානක් යනවා. තව එහෙම බැලුවොත් පුදුම මම තුවාල නොවි බේරුන එක පෙරේදා යන්න කලින් බිව්ව තේ කොප්පේ මේසෙ උඩනෙ තිබ්බේ එකත් ඩෝන් පටෝන් වෙලා. මාව උස්සලා දෙව් එතනින් තිබ්බ නිසා රෑ. මොනවා නැතත් මමයි, හුනොයි, කැරපොත්තොයි අවුරුදු 2කකට වඩා තේ බිව්ව කෝප්පේ අර යකා දවසින් කඩලා දැන්මා.
YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚