"හේයි නැගිටපන් ඇති තෝ නිදාගත්තා." ටකරම් කට බලන් යද්දි තියෙන්නෙ ටකාට විතරක්ම නෙවේනෙ... කෑ ගහනවා කන ළඟ ඉදන් බේසිකයා...
"මොකද බං..."
"බල්ලො දැන් රෑ 8යි. තෝ මෙතන නිදාගන්නෙ නැතුව යමන් ගිහින් කාලා අපෙ ගෙදර..."
"විහිලුවකටවත් තෝ එක්ක නම් මම ඉන්නෙ නෑ... තෝ ගාව ගදයි..."
"තෝ මාව ඉඹින්න එපා කොහොමත්..."
"ඉඹිනවා මට ඕනේ නම් පුලාම් දෙයක් කරපන්..." මම ටොපා ලගට ගිහින් ඌව ඉඹින්න වගෙ ඇක්ට් කරා.. යකෝ ඉම්ඹත් මොකො මූ මගෙනෙ..."එපා බල්ලෝ cctv තියෙනවා.."
"ඉතින් උඹේ බොසා ෆොරින් කෙනෙක් කිව්වා නේද? ඌ මේවා නලලෙ කොටන් ඉන්නෙ නෑ.. එත් මම යනවා දැන්... මාගෙ නිවහන වෙත. සිව් වසරක් මුලුල්ලේම අගුලු දමා තිබු එහි නටඹුන් මා හට මැවී පෙනේ..."
"යතුර තියෙද?"
"පෝච්චිය යට ඇති බං... තාත්තා දන්නවා මම කවදාම හරි ඔය ගෙදරට යනවා කියලා." මම ඇගේ හිරිත් කඩ කඩා එළියට ආවා. මූගෙ ඔෆිස් එක තිබ්බේ ගෝල් රෝඩ් එකෙ මරදානට කිට්ටුව. ඇයි මෙතනම තෝර ගත්තෙ. ඒක ඉතින් ඕක හදපු එකාගෙන්ම තමා අහන්න වෙන්නෙ. මම බස් එකෙ යන්න හිත හදාගත්තත් ටොපා ස්වේච්ඡාවෙන්ම මාව ගෙනිහින් දාන්න ඉදිරිපත් වුනා..."අන්න එහෙම වරෙන් කොහොමත් දැන් බස් වල සෙනග..."
"නැගපන් නැගපන්... තෝ නිකන් හිගන්නෙක් වගෙ ඉන්නෙ.."
"හිඟන්නා හිගන්නෙක් වගෙ නොයිද පොල් ගාන්නද අයිසේ..."
"අනේ ඇති බයිලාව යමන් මට නිදිමතයි..." ටොපා මාව ගෙදරට බස්සන්න නුගේගොඩ පාරට දැන්මා.හුරුපුරුදු මතක, ආගන්තුක හීන දැන් නම් මේවාට බය හිතෙනවා... අවුරුදු 4ක් වෙන්න ආවා. තාමත් දෙව් මට කිව්ව ඒවා මෙතනදි දෝංකාර දෙනවා. "මට රිදෙනවා අයියෙ..." ඒ වචන මම හදවතේ දරුණුම තැනක ඒ ටෝන් එකත් එක්කම කොටාගෙන තියන් හිටියෙ. අපේ ගෙදර මිදුලට හැරෙන තැනම මම හිර වුනා වගෙ දැනෙනවා. පාළු කාන්තාරෙක ඉන්නවා වගෙ මේ ෆීලින් එක...
"මනෝ....මචන් මොකො සීන් එක..." මම හිතන්නෙ මට ඇඩෙන්න ආවා... දැන් මූට ඕවා කියන්න ගියොත් එසෙ මෙසෙ කතා නෙවේ අහගන්න වෙන්නෙ...
"ඇහැට රොඩ්ඩක් ගියා මේ ac එක ක්ලීන් කරපන්කො... බලපන් ඩස්ට් එක..."
"අපෝ තෝ කදුලු පුරවගත්ත මෝන්ඩිසෝරි අත දරුවෙක් වගෙනෙ... ඉදපන් මම පිබින්න..." ටොපා මට ලං වෙලා ඇහැට පිඹිනවා. ආෂ් උඹ හරි මෝඩයි දුක පෙන්නන්න වත් දැන් පුරුදු වෙයන්. තෝ ආතල් එකෙ ඉන්නවා කියලා හිතනවා ඇති තාත්තා වුනත්

YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚