මේ පාලු සීත රාත්‍රියෙ කියා දෙන්න රහසින්....
ප්‍රේමය නම් කිමැයි කියා...
රාත්‍රිය එක දෙයක් වත් මට සැනසීම ඉතුරු කරන්නෙ නෑ.. මිනිස්සු දවල්ට බනිනවා මේක එපා වෙන හිසරදයක් කියලා. එත් රෑට ඊටත් වඩා එපා වෙන්නෙ නැද්ද? මම කාටවත් වැරදි කියන්නෙ නෑ... රෑ වෙන එකට පලි පෘථිවිය ඌ වටේ නොගියා නම් රෑ වෙලා මම පරණ මතක එක්ක පොර කන්නෙ නෑනේ.
"උඹට ඔහොම වෙලා මදි..." මම මටම කියාගත්තා. ටොපාගෙ ගෙදරින් මම ආවේ දැන් ටිකකට කලින්. ඌව සනසන්න මට පුරුදු වෙන්න වෙනවා. මොකද ඌ මට වඩා දරදඩු මිනිහෙක්. ටකා වගෙ එකෙක්ගෙන් මම එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. හරි ඌ ටොපාට ලව් කරේ නෑ කියමුකෝ.. ඒත් ඒ කියලා ඒ කොල්ලා එක්ක සෙල්ලම් කරපු ඌ වැරදි. කවදා හරි හෙණ ගහන්න ඕනේ ජිවිත...
කාලෙ ඉක්මනින් යනවා නම් මම කැමති. මට තවත් උහුලන්න බැරි වෙන්න මම ඉක්මනින් මැරෙන්න කැමති. එත් දැන් මිනි පෙට්ටිත් හරි ගනන් උද්දමනයක් නේහ් තියෙන්නෙ. ව්‍යාපාරික ලෝකෙ ගැන උඹලා දන්නවද? දැනගන්න එපා ඕකුන්ගෙ අගේ ඉදන් පගාව උතුරනවා. බොරු නම් මගෙ දිහා බලපන්. මම හොද මිනිහෙක්ද? නෑ කෑදරයෙක්.
උඹට බැරි නම් සටන් කරලා පරාද වෙන්න උඹ යුද්දේට නොයා ඉන්න ඕනේ. අච්චර මොල තිබ්බ හිට්ලර්, විජේවීර, ප්‍රභා ද්‍රෝහියෝ වුන එකෙ මම එහෙම හතුරෙක් නොවෙයි කියලා මිනිස්සුන්ට හිතන්න බැරි වෙයි. ඒක කාටත් හොදින් දන්නවා හැමදාම සයිකැට්‍රිස් ලගට බඩගාන සක්විති. මම එච්චර කුහකයෙක්.
උඹ දක්ෂ වෙදදුරෙක් නොවෙන්න පුලුවන් ඒත් උඹට සල්ලි තියෙනවා නම් මිනිස්සු පුච්චන විදුලි සැර උදුනකින් මිනිස්සු මරවන්න උඹට පුලුවන්. උඹ දක්ෂ කථිකයෙක් වෙන්න පුලුවන් එත් උඹට හැංගිලා ජිවිතේ අන්තිම කාලෙ විදවන්න වෙන්න පුලුවන්. ඇත්තටම දෙක දෙකක් වගෙ පෙනුනට එකක්. හිට්ලර් උගත් සල්ලිකාරයෙක්. ඌ ලෝක යුද්ධයක් ඇති කරා. විජේවීර උගත් දාර්ශනික දුප්පතෙක්... උඹට මරණයක් උරුම වෙන්න පුලුවන් ද්‍රෝහියා කියන අන්වර්ත නාමෙත් එක්ක. එතන මොකක්ද අඩු. හිට්ලර් ලෝකෙ ඇල්ලුවේ සල්ලි නිසා. මෝලෙ තිබ්බට වැඩක් නෑ යථාර්ථයෙදි උඹ උගත් දුප්පතෙක් නම් උඹ අවාසනාවන්තයෙක්.

VOUS LISEZ
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚