අපි දෙන්නා නාසි දෙක කනවා. අරු නම් කනවා නෙවේ ගිලිනවා.
"මෙලෝ රහක් නෑ..."
"වට්..."
"ඇයි සිංහල බැරිද?"
"මට තමුසෙව තේරෙන් නෑ ඕයි..."
"මාව තමුසෙ තේරුම් ගන්න ඕනේ නෑ."
"හා හා..."
"මෙහෙ කෑම වගෙම ස්ටාෆ් එකත් ගන්න දෙයක් නෑ."
"මොනවද කෑම වල අඩු"
"අම්ම්ම්... ඔක්කොම අඩුයි. මේකෙ කිසි සැරක් නෑ."
"අඩ අඩ කන්නෙ ලබ්බකටද එහෙනම්"
"කටපියන් කනවා. තමුසෙ හිස රදයක්."
"දෙව්..."ඌ මුකුත් නොකියා කනවා. ඇස් රතු වෙලා. ඒ මේ මම මේ මූගෙ ෆීලින් නිසා මූගෙ ඇස් රතු වෙනවා කියලා හිතුවට ඇත්තටම මූ මල් ගහනවද දන්නෙ නෑ නේද?
"කවුද ඒ?"
"ම්ම්ම්..."
"ආෂ් කවුද ඒ?"
"ඔයා දන්නවද මිනිහෙක් කතාවක් මිස් කරනවා කියන එකෙන් කියන්නෙ ඒ කතාව ඔයාට කියන්න කැමති නෑ කියලා."
"හුම්ම්ම්. මම කාලා ඉවරයි අපි යමු."
"ඔයාට පෙන්නෙ නැද්ද මම කනවා."
"එත් මම කාලා ඉවරයි."
"ආහ් එහෙමද? පලයන් බං එහෙනම්. මම එන්නම්"
"හා..." යකෝ මම කතාවට කිව්වා පලයන් කියලා මූ නැගිට්ටා බෑග් එකත් කරේ දා ගත්තා. ෆෝන් එකත් ඉදුල් නැති පැත්තට අරන් මිනිහා යන්න ගියා. ඔය ගියාට ඌ ඉන්නවා කාර් එකෙ. ඉතින් ඒ නිසාම මම හෙමින් හෙමින් කාලා පහලට බැස්සට කෝ... කෝ... කාර් එක....."කෝ කාර් එක..." මට පෙන දේ ඇත්ත නම් මම හිතුව දේ බොරු වෙලා තියෙනවා. අනේ අම්මපා දැන් 8ත් පහු මම කා එක්කද යන්නෙ... ශිට්... අහුවෙයන්කො ඕකව.
දැන් පැය භාගයක් මම මැන්ටිස් එක ඉස්සරහා. තව පැය කාලකින් විජේරාමේ නොහිටියොත් මගෙ ඇගෙ තියෙන මසුත් නැති වෙනවා. ඒ මදිවට බඩ රිදෙනවා. මට මල කේන්ති...
"ආෂු... උඹ මොකො මෙතන."
"ආ බස් එකක් නෑනේ විරූ."
"නැගපම් නැගපම් අද බස් ස්ට්රයික්." දෙයියො බුදුන් දැක්කා වගෙ සතුටක් එද්දි මම විශ්ගෙ කාර් එකට නැග්ගා."උඹ අද කලින් යනවද?"
"ඔව් බං. ආදි එක්ක ඩිනර් එකක්."
"ඕයි. ඉතින් තෝ මාව දාන්න ගියොත් පරක්කු වෙනවනෙ."
"නෑ බං. නාවින්නෙන් ලංකා එකට දාන්නම්."
"පිං බං...""අනේ උඹෙයි මගෙයි පින... තෝයි තාත්තායි මට කොච්චර උදව් කරාද බල්ලො... මට එවාට ගෙවන්න බැරි වුනා."
"අනේ නිකා පලයන් යන්න. කාපු බත් කට විතරයි."
"ඇයි යකො මට ඉගැන්නුවේ."
"ඉතින් තෝ වල බැස්සානෙ ඉගෙන ගත්තද?"
"වහපන් කට... කාපන් වඩේ..."

أنت تقرأ
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
غير روائيදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚