එකම කාසියක දෙපැත්තක්. ෂැංගිල්ලා එකෙ රස සාගරේන් එයා පැත්තෙ මරදාන පැත්තෙ තිබ්බේම මුඩුක්කු. මිනිස්සු සුර නැටුම් නටනකොට සමහරු අපාදුක් විදිනවා. මේක ජිවිතේ විදිය. අපි විදින විදවන ජිවිතේ.... බම්බුවක් මට වැඩක් නෑ. රෙද්ද ඔය සීරියස් වෙන මවා පෑම් වලට මම ඩිස් ලයික් ඉතින්.
"මොකො දැන් උඹ හිතන්නෙ මේක නවත්තලා පැත්තකට වෙමු කියලද?"
"නෑ බං උඹට දැන් මගෙ සිතුවිලි ඇහුවොත් අංගොඩට ටිකට් එයි කියලා මට බයයි...""එහෙනම් ඇතුලෙම තියාගනින්. එක අතකට උඹට එහෙම නොවෙන සිතුවිලි තිබ්බේ නෑනේ." ටොපා එහෙම කියන ගමන් ආයෙත් ලැප් එක දිහා බලන් හිටියා.
"අන්න සෙට් එක ගොඩ බැස්සා." මම බැලුවේ අපි බුක් කරපු රූම් එකෙ ජනෙල්ලෙන් අරු පවන් ව පෙන්නුවාම. අද නම් හෙන ගට් එක අරන් පකිරිත්තා එන්නෙ. දෙන්න හිතෙනවා මූට..."මනෝ... වැඩේ සෙට් වෙයි නේද?"
"අවුලක් ගන්න එපා බං... රූකාන්ත දෙයි සුපිරියට."දැන් වේලාව රෑ 10 පහු වෙලා තියෙන්නෙ. ඌන්ගෙ සුපුරුදු ටයිම් පාස් වෙලා. මූන් මේ මට මාට්ටු වුනාට පස්සෙ ආව පළවෙනි පාර. ඉතින් බලන්න ඇත්ත එකයි. ඌ බය ගුල්ලෙක්.
"ටොපා උඹ දැන් කැම් සෙට් කෙරෙව්වා කියලා ශුවර්ද?"
"එක කරා බං. එත් තුනයි. ඊට වඩා කරන්න අමාරුයි. උඹ හිතුවද මේක සයිවර් කඩයක් කියලා නෑ මේක ෂැංගිලා එක."
"තොගෙ කට තිබ්බට 1000කට ගහන්න වැඩ කෝ බං..."
"තොට මෙච්චර කරලා දුන්නෙ ඇටයා නෙවේ බල්ලො ටොපා, ටොපා, කවුද ටොපා .""හා හා ඔන්න ඕක කරලා ඉදපන් මුලින්."
"තොට දර දිය අදින මට ගහපන් භූ වල්ලකින්." ඇනුම් පද කියව කියව මිනිහා ලැප් එකට ඔලුව දාන්. හැබැයි මේ මී හරකා කරලා තියෙන ඒවා බලද්දි එකකින් තමයි ගහන්න ඕනේ නම්.
"අඩෝ අන්න අරුන් දෙන්නත් ආවා." මම කකා හිටිය ඇපල් ගෙඩියත් පැත්තකට දාලා ලැප් එකට ඔලුව දා ගත්තා. ඔන්න එනවා සක්විති, විහාරයි. විහාරා ඌව ක්ලබ් එක පැත්තට ගෙනියන්නෙ අතේ එල්ලිගෙන. යකෝ කෝ එතනින් පස්සෙ.
"ටොපා කෝ අනික් ටික..."
"ඉතින් බං මම ඒ පැත්තට කැමරා සෙට් කරේ නෑ..."
"අම්බ වස්සනෙ තෝ ඉතින්. බල්ලො එතන තියෙන්නෙ ක්ලබ් එක වෙව්ච කොට ඇයි තෝ ඇල්ලුවේ නැත්තෙ..."
"ඉතින් මට හම්බුනෙ කැමරා 3නේ බං..."
"අනේ ඉතින් අමු ගවයා. තොට it ෆැක් එකට යන්න තිබ්බෙ නැද්ද බල්ලො."
"එකට තමයි ගියෙ. ඌන් දන්සලෙනෙ. මම මේ ටිකත් ඉල්ල ගත්තෙ විහසයගෙන්."

YOU ARE READING
👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
Non-Fictionදුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚